ඇන්ටි කෙනෙක් දෙන්න දෙයක් නෑ කියලා එයාගේ කරාබු දෙක ගලවලා දුන්නා
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද සඳසි ?
දෙරණ නාළිකාවේ ‘තාල මණ්ඩිය‘ කියලා ටෙලි නාට්යයක් අලුතින් එන්න තියෙනවා. මම සම්බන්ධ වුණු මියුසික් වීඩියෝ දෙකක් එන්න තියෙනවා. තව චිත්රපටයකටත් කතා කරලා තියෙන්නේ.
රූගත කිරීම්වලදී සිද්ධ වුණු අමතක නොවන සිද්ධි එහෙමත් ඇති නේද ?
ඔව්. ඔව්. විසේකාරී නාට්යයේ එක දර්ශනයකට කුරුණෑගල පැත්තේ වැවක මට ගිලෙන්න තිබ්බා. ඒක බොරුවට වුණත් ඇත්තටම මගෙ කකුල් බිම නොගෑවී ගිලෙන්න ගියා. වටේම හිටපු මාමලා මාව ඉක්මනින් ඇදලා ගත්තා. ඒ සිද්ධිය නම් මට අමතක වෙන්නේ නැහැ. හැබැයි ඒ සීන් එක ලස්සනට ආවා.
ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්රතිචාර මොන වගේද?
දැන්නම් මාව ප්රේක්ෂකයෝ හොඳට හඳුනනවා. ‘විසේකාරී‘ නාට්යයේ චරිතයෙන් වගේම, ඔෂාන් සර්ගේ නැටුම් වීඩියෝ වයිරල් යන නිසා ගොඩක් අය කියලා තියෙනවා ‘ඔයා ලස්සනට නටනවා‘ කියලා. දවසක් මට සංවේදී වැඩක් වුණා. අම්මා එක්ක ෂොපින් යද්දි ඇන්ටි කෙනෙක් දුවගෙන ඇවිත් මාව බදා ගත්තා. දෙන්න දෙයක් මේ වෙලාවේ නැහැ කියලා එයා කනේ තිබුණු කරාබු දෙක ගලවලා මට දුන්නා. ඒක මට හරිම වටින, විශේෂ තෑග්ගක්.
සඳසිගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?
ලබන අවුරුද්දේ මට ශිෂ්යත්්ව විභාගය තියෙනවා. ඒත් මට පන්ති යන්න වෙලාවක් නම් නෑ. මම උපරිම උත්සාහ කරනවා ගෙදරදිම පාඩම් කරලා විභාගේ පාස් වෙලා කොළඹ විශාකා විද්යාලයට යන්න. මගේ බලාපොරොත්තුව ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒත් මම රඟපාන එකයි, නටන එකයි නම් නතර කරන්නේ නැහැ.
සඳසි කාටද ස්තුති කරන්නේ?
මගේ අම්මට තමයි මුලින්ම ස්තුති කරන්න ඕන. එයා තමයි මට මේ හැමදේම කරන්න ශක්තිය දෙන්නේ. හෙවණැල්ල වගේ මා එක්කම ඉන්නේ. ඒ වගේම පවුලේ අනික් හැමෝමත්, මාව ටෙලි නාට්යවලට, වෙෙළද දැන්වීම්වලට සම්බන්ධ කරගත්ත නැන්දලා,මාමලා හැමෝමවත්, චූටි ආච්චි, ලාල් සීයා, ඩිංකු අයියා, දිලන්මා අක්කා ඇතුළු නම් වශයෙන් කියන්න බැරි වුණු හැමෝටම ස්තුතියි.
-Rasaduna -




