lan englan tam

පුවත්

සොබා චලන සිතුවම් කෙටි චිත්‍රපට තරගාවලිය මෙවරත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සොබා චලන සිතුවම් කෙටි චිත්‍රපට තරගාවලිය මෙවරත්

 

2019 ජූනි 5 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් දීප ව්‍යාප්ත කෙටි චිත්‍රපට තරගාවලියක් සංවිධාන කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසරය පිළිබඳ ඕනෑම තේමාවක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර චිත්‍රපටයේ ධාවන කාලය උපරිම විනාඩි 5ක් විය යුතු ය.  

ප්‍රබන්ධ, වාර්තාමය සහ සජීවිකරණ යන අංශ ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම තරගය සඳහා කෙටි චිත්‍රපට යොමු කළ හැකි ය. සිංහල, දෙමල මාධ්‍යයෙන් සිදු කරන නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරසි ගැන්විය යුතු බව සංවිධායකයෝ පවසති.

නිර්මාණ භාර ගන්නා අවසන් දිනය ජූනි 30 වැනිදා ය.

වැඩි විස්තර සඳහා 0112034175 දුරකථන අංකය අමතන්න.  

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, සොබාදම් පියස, අංක 416/C/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල.

Back to top
Go to bottom

Popular News