ඉසලි කොහොමද ඉතින් ? කියන්නකෝ ඔයා ගැන විස්තර
පාසල් වැඩ කටයුතු වගේම කලා කටයුතුත් කරගෙන හොඳින් ඉන්නවා. මගෙ වයස අවුරුදු අටයි. තංගල්ල ප්රාථමික විද්යාලයේ හතර වසරේ මම ඉගෙන ගන්නේ. මම මුලින්ම ඉගෙන ගත්තේ නිට්ටඹුව, බ්රිටිෂ් වේ ජාත්යන්තර පාසලෙන්. මගෙ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මයි, මමයි.
ඔයා වැඩිපුර දක්ෂ මොනාටද ඉසලි ?
කරාටේ, නැටුම්වලට මම ගොඩක් දක්ෂයි. ඊට අමතරව මම නිවේදන කටයුතුත් කරනවා. මම ඉන්දියානු ගාන්ධර්ව සංගීත ප්රවේශිකා විභාගය සමත් වෙලා ඉන්නේ.
ඉසලි කොහොමද කලා අංශයට යොමු වෙන්නේ ?
දෙරණ, ස්වාධීන රූපවාහිනි, ශ්රද්ධා ටීවි යටතේ විකාශය වන කිඩ්ස් ටීවි, ජාතික රූපවාහිනිය, දිදුල රූපවාහිනී නාළිකා ඔස්සේ මගේ කලා හැකියාවන් පෙන්නලා තියෙනවා. ප්රවීණ ටෙලි නාට්ය හා චිත්රපට අධ්යක්ෂ සේනක විජේසිංහ සර්ගේ මඟ පෙන්වීමෙන් ටෙලි නාට්ය අධ්යක්ෂ නුවන් සංජීව මාමාගේ ‘බෝසත් දරුවෝ‘ පෝය දින ටෙලි නාට්යයට රඟපෑමෙන් දායක වුණා. ඒ වගේම ටෙලි නාට්ය අධ්යක්ෂ සදේශ් ප්රියදර්ශන මහතාගේ ටෙලි නාට්යයක් වන ‘පූජනීය ආදරේ‘ ටෙලි නාට්යයේ ගෟරි කියන ප්රධාන චරිතය කරනවා. ඊට අමතරව STAR PRODUCTION එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. මම DIL ටීවි නාළිකාව එක්ක වැඩ කරලා අවුරුදු 4 දී පුංචි මාධ්යවේදිනියට හිමි හැදුනුම්පත ලබා ගත්තා.
-rasaduna -



