lan englan tam

පුවත්

ප්‍රවීණ චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ශ්රී ලංකීය චිත්ර කලාවට ඉමහත් මෙහෙවරක් ඉටු කළ ප්රවීණ චිත්ර ශිල්පියෙකු වූ මොටාගෙදර වනිගරත්න මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. ඒ මහතා අභාවප්රාප්ත වනවිට 93 වියේ පසු වූ අතර දශක ගණනාවක් පුරා තම නිර්මාණ තුලින් ශ්රී ලාංකීය සමාජයේ ආකල්ප සහ රසඥතාව ඔප්නැංවීමට එතුමා සුවිශේෂී දායකත්වයක් ලබා දුනේය.

1956 ඔක්තෝබර් 03 සිට 05 දක්වා කොළඹ ජාතික කලාභවනේදී පැවැති “මගේ ලංකාව” නම් ඔහුගේ ප්රථම ඒකපුද්ගල සිතුවම් ප්රදර්ශනය, ඔහුගේ කලා ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් වුණා. මොටාගෙදර වනිගරත්න මහතා කැන්වස් සිතුවම්වලට පමණක් සීමා නොවී, ශ්රී ලංකාවේ තොරණ් කලාව නව මානයකට ගෙන ගිය කලාකරුවෙකු ලෙසද සැලකෙනවා.

එමෙන්ම ලංකාදීප පුවත්පතේ චිත්ර ශිල්පියෙකු ලෙස කටයුතු කරමින්, තම රේඛාමය හැකියාව ජනමාධ්ය ඔස්සේද ප්රකට කළා.
 
 

kemadasa

shungara

Back to top
Go to bottom