lan englan tam

පුවත්

කවුරුවත් මට වාරණ දාලත් නැහැ තහංචි පනවලත් නැහැ - මැණික් ජයසේකර -

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
කුඩා කල පටන් ගීත ගැයීමේ සහජ කුසලතාවක් ඇයට තිබූ නමුත් ඉදිරිපත් වීමේ කුසලතාවක් නම් තිබූ බවක් නොපෙනේ. ගීත ගැයීමට ඇය තුළ වූ හැකියාව හඳුනා ගත් සුප්රකට ව්යාපාරිකයකු මෙන් ම ගීත රචකයකු ද වූ සිරිල් ජයසේකර නමැති සිය පියා ඇයව කැටුව ගොස් විශාරද ආචාර්ය අමරා රණතුංග ගුරුතුමිය වෙත භාර කළ බැවින් ඇයට සංගීතය නිසි ලෙස ඉගෙනීමට සිදු විය.
ඇය ඉතා කැමැත්තෙන් අමරා රණතුංග ගුරුතුමිය යටතේ සංගීතය හැදෑරුවාය. මේ ආදරණීය ගුරුතුමිය ද තම පුංචි ගෝලයාගේ දක්ෂතා හඳුනා ගත් නිසා ඇය ගුවන්විදුලියට කළ ‘ළමා සංගීත මණ්ඩපය’ වැඩසටහනට මැණික් ද සම්බන්ධ කර ගත්තාය. එතැන් පටන් ගුවන්විදුලියේ ‘ළමා සංගීත මණ්ඩපය’ වැඩසටහනේ සමූහ ගායනා සඳහා ගී ගයන්නට මැණික් ජයසේකරට අවකාශ සැලසුණි. පසුව විශාරද බී. වික්ටර් පෙරේරා ගුරු පියාණන්ගෙන් තවදුරටත් සංගීතය හදාරමින් මැණික් ජයසේකර විශාරද මැණික් ජයසේකර බවට පත් වූවාය. හැකියාවත්, ඉගෙනීමත්, ප්රගතියත් ඇති නමුත් ඇයගේ පසුබසින සිත නිරතුරුව ඇයට ඉදිරියට යන්නට දිරියක් නොදුන් බැවින් අදටත් ඇය නිෙවසට සීමාවී සිටින්නී ය.
 
“මම පෙරදිග සංගීතය ඉගෙන ගන්නත් කලින් වෙන්නප්පුව කන්යාරාමයෙන් බටහිර සංගීතය ඉගෙන ගත්තා. ඇත්තට ම මම සංගීතය පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්තේ ලොකු ආසාවක් ඇතුව. ඒත් මේ ක්ෂේත්රයේ සමහර දේවල්, සිද්ධි අත්දකිද්දි මට හිතෙන්නේ ගෙදරට වෙලා ගෙදර වැඩක් කරගෙන හිටියා නම් හොඳයි කියලා. ඒ නිසා මම මගේ හිතට එකඟව ඒ කිසිම ප්රසිද්ධ වැඩකට සම්බන්ධ නොවී ගෙදරට වෙලා හිටියා. මම අදටත් ගීත ගායනා කරනවා. ගීත පුහුණුවීම් කරනවා. ඒ සියල්ල ගෙදරට පමණක් සීමා වෙලා තියෙනවා. කවුරුවත් මට වාරණ දාලා නැහැ. තහංචි පනවලා නැහැ. නමුත් ප්රසංගවලට යන්න කියලා මොනම ආකාරයකවත් පෙලඹීමක් මට මගේ හිතෙන් ලැබෙන්නේ නැහැ.
 
ඒ වුණාට සංගීතයට, ගීත ගයන්න මම හරි කැමැතියි. අලුත් ගීතයක් මේ දවස්වල සංගීතවත් කර තිබෙනවා. ඒ ගීතය පටිගත කරලා එළිදක්වන්න කටයුතු කරගෙන යනවා. ඒ ගීතය ලිව්වේ අකිල දුමින්ද සිල්වා. තනුව හා සංගීත නිර්මාණය කළේ අනුරාධ අබේසිංහ. ඉදිරියේදීත් තව ගීත කිහිපයක් නිර්මාණය කරලා එළිදක්වන්න කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මගේ ජනප්රිය ගීත එකතු කරලා සමාජ මාධ්ය ජාල වෙත යොමු කරන්නත් කටයුතු කරගෙන යනවා.”
 
-Rasaduna -

kemadasa

shungara

Back to top
Go to bottom