"උඩ ජෝඩුව" මංගල දැක්ම අද එල්ෆින්ස්ටන් රඟහලේදී...
"උඩ ජෝඩුව" නාට්යයේ කෝරි බ්රැටර් චරිතය වර්තමාන සමාජයේ බොහෝ තරුණ කාන්තාවන් නියෝජනය කරන චරිතයක් ලෙස දැකිය හැකිය. ඇය ජීවිතය සතුටින්, නිදහස්ව සහ ආදරයෙන් ගත කිරීමට කැමති අතර විවාහය යනු වගකීම් පමණක් නොව, හැඟීම් බෙදාගැනීම, එකිනෙකා තේරුම් ගැනීම සහ ජීවිතය එකට භුක්ති විඳීමක් බව විශ්වාස කරයි.
කෝරි තම සහකරුගෙන් ආදරය, අවධානය සහ චිත්තවේගීය සමීපතාව බලාපොරොත්තු වන අතර එම අවශ්යතා ඉටු නොවන විට ඒවා විවෘතව ප්රකාශ කරයි. අද බොහෝ කාන්තාවන් මෙන්ම ඇයද සම්බන්ධතාවයක් තුළ තම අනන්යතාවය, නිදහස සහ සතුට ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරයි. එබැවින් කෝරි යනු හුදෙක් රොමැන්ටික් තරුණියක් නොව, ආදරය සහ පෞද්ගලික නිදහස අතර සමතුලිතතාවයක් සොයන නූතන කාන්තාවකගේ සංකේතාත්මක නිරූපණයකි.
හෙට එන්න එල්ෆින්සටන් එකට (3.30/6.30) කොරීගේ ඒ හැඟීම් ක්රියාවලිය රස විඳින්න.
රංගනය- හිමේෂා දිල්කි, සමිත සුදේශ්වර, ජයනාත් බණ්ඩාර, හංසමාලා ජානකී, බුද්ධික දමයන්ත




