රංගන ශිල්පී නිලංක දහනායක වර්තමානයේ රංග පරාසයක් සහිත ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍යය යන අංශයන්ගේ වඩාත් කැපී පෙනෙන නළුවෙකි.
ග්ලැඩියේටර් ප්‍රේමය වැනි සම්මානනීය වෙිදිකා නාට්‍යය ද සුළඟ මහ මෙරක, සහෝදරයා, අහසින් වැටුණා, අප්පච්චී, දේව දරුවෝ ,මහ පොළොව, සත්‍යා, අමුතු දොස්තර ආදී ටෙලි රැසක විවිධ චරිත නිරූපණය කළ නිලංක දහනායක “Boomerang acting studio” නමින් නවක නළු නිළියන් පුහුණු කරන ආයතනයක් ආරම්භ කර ඇත.
ඔබ රංගන ශිල්පීයෙකු සහ නාට්‍ය නිර්මාණකරුවකු ලෙස කටයුතු කරනවාට අමතරව සිදුකරන කාර්යයන් තිබේද ?
ඔව්. මම ඊට අමතරව නවක රංගන ශිල්පීන් පුහුණු කරන්නෙකු ලෙසත් කටයුතු කරනවා. එලෙස නවක රංගන ශිල්පීන්ව පුහුණු කිරීම සදහා ආයතනයක් අලුතින් ආරම්භ කරල තියෙනවා. ඒ “ඕධධථඥපචදඨ ඒජබඪදඨ ඉබභඤඪධ” කියන නමින් මගේම ආයතනයක්. ඒ වගේම මම එහි ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කරනවා.
ඔබට මතකද ඉස්සෙල්ලාම කැමරාව ඉස්සරහ ඉද්දී දැනුණු හැඟීම සහ ලැබුණු අත්දැකීම මොන වගේද කියලා?
මුලින්ම ඉතිං චකිතයක් බයක් දැනුණා. කැමරාවක් ඉස්සරහ රඟපාන කොට තියෙන තාක්ෂණික කාරණා කිසිම දෙයක් පිළිබඳ අවබෝධයක් තිබුණේ නැති නිසා මං ඒවා ගැන හිතන්නැතුව රඟපාන එකට විතරක් ෆෝකස් කළා. ක්ලෝස් අප් එකකදී මට ඕන විදියට දඟලන්න බැරි වෙන එක මාව අපහසුතාවයට පත් කළා. සමහර වෙලාවට රඟපාන කොට කැමරාව දිහා බැලෙන්නත් යනවා.
සාමාන්‍යයෙන් ඔයාට ලැබෙන චරිතවලට සූදානම් වෙන්නේ කොහොමද? ඒ චරිතයට වඩාත් අනුගත වෙන්න විශේෂ දෙයක් කරනවද?
බොහොම සාමාන්‍ය දේවල් ටිකක් තමයි මම කරන්නේ. පිටපතේ චරිතය මොන වගේ කෙනෙක්ද කියලා හොයාගන්න උත්සාහ කරනවා. මුලින්ම මං මගේ ඔළුවෙන් චරිතය හදාගන්නවා මට ඕන විදියට. ඊට පස්සේ අධ්යක්ෂවරයාගේ ගයිඩ් එක. චරිතයට කතාව ඇතුළෙ තියෙන අරමුණ හොයා ගන්නවා. චරිතය ප්‍රතිනිර්මාණය කරන විදිය ගැන මගේ ඔළුව ඇතුළේ මං චිත්‍රයක් හදා ගන්නවා. බොහෝ විට චරිතයේ ඇතැම් දේවල් තනිවම උත්සාහ කරලා බලනවා. ඇතැම්විට චිත්‍රපට වගේ දේවල් අධ්‍යයනය කරනවා. මගතොටේ හම්බෙන මිනිස්සුන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කරනවා. ඔය විදිහට හැම එකකම සංකලනයකින් තමයි මම චරිතයනට ලෑස්ති වෙන්නේ.
-sarasaviya -




