lan englan tam

පුවත්

අවුරුදු දහයක් රංගනයෙන් ඈත්වී සිටියා අසේල සපුආරච්චි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
දීර්ඝ නිහඬතාවකින් පසු නැවතත් පුංචි තිරය තමන්ගේ රංගන ප්රතිභාවෙන් හැඩකරන ඔහු මේ දිනවල එකිනෙකට වෙනස් චරිත ත්රිත්වයකින් ප්රේක්ෂක ඔබ හමුවට පැමිණෙයි. කලා ජීවිතය තුළ එදා මෙන් අදත් ප්රේක්ෂක ආදරය නොමඳව ලබන ‘අසේල සපුආරච්චි‘ කලා ජීවිතයේ සොඳුරු මතකාවර්ජනය සඳහා රසඳුන සමඟ කළ කතාබහකි මේ

ඔබ රංගන ශිල්පියකු ලෙස ඉදිරියට එන්නේ මොන වගේ නාට්යවලින්ද?

මම ක්ෂේත්රයට එන්නේ 2001 වසරේදී. ඒ ‘නේත්රාංජලී’ ටෙලිනාට්යයෙන්. එහි මම රඟපෑවේ මැර චරිතයක්. මාව නේත්රාංජලී නාට්යයට සම්බන්ධ කරගත්තේ සුනිල් සිරිවර්ධන මහතා. ඉන් පසුව 2006 වසරේ ‘තරු කුමරි’ ටෙලිනාට්යයේ ‘දිල්ෂාන්’ ගේ චරිතයත්, 2008 වසරේ ‘ටූ ඉන් වන්’ ටෙලිනාට්යයේ ‘චමින්ද’ ගේ චරිතයත් රඟපාන්න අවස්ථාව ලැබෙනවා. 2008 දීම විකාශය වූ ‘රැජින’ ටෙලිනාට්යයේ ‘සුනිල්’ කියන චරිතයත් එකල බෙහෙවින්ම ජනප්රිය වුණා. ඒ වගේම 2010 දී විකාශය වුණු ‘රන්ගිර’ ටෙලිනාට්යයේ ‘ප්රියදේව’ චරිතයටත් ප්රේක්ෂකයන්ගෙන් ඉහළ ප්රතිචාර ලැබුණා. එදා මෙදාතුර ටෙලිනාට්ය 35 කට පමණ දායක වෙන්න අවස්ථාව ලැබුණා. මේ වන විට මම ටෙලිනාට්ය ක්ෂේත්රයට පැමිණ අවුරුදු විසිපහක් පමණ වෙනවා. නමුත් ක්ෂේත්රය පිළිබඳ ඇතිවූ යම් කලකිරීමක් නිසා අවුරුදු දහයක් පමණ රංගනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා සිටියා. ඒ දිගු නිහඬතාවට පස්සේ මම නැවත ක්ෂේත්රයට එන්නේ තිමිර උඩලමත්තගේ යෝජනාවකට අනුව ‘ළං වී’ ටෙලිනාට්යයට සම්බන්ධ වෙමිනුයි. මෙහිදී තිර රචක තිමිර උඩලමත්ත සහ අධ්යක්ෂ දනුෂ්ක එන්. පෙරේරා විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
 
කලා ක්ෂේත්රයට පිවිසි ඒ අතීත කතාව ගැන මතක් කළොත්?
 
පාසල් කාලයේ ඉඳලම මට රංගනය ගැන ලොකු කැමැත්තක් තිබුණා. පාසල් වේදිකා නාට්යවලටත් මම දායක වුණා. ජාතික තරුණ සේවා සභාවෙහි සංගීතය හදාරමින් සිටි කාලයේදී රංගනයට ළැදි, දක්ෂ පිරිසක් මට මුණගැසුණා. ඔවුන් එක්ක එක් වීමෙන් තමයි නාට්ය කලාවට තදින්ම යොමු වෙන්නේ. නාට්ය හා රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරමින් මගේ විෂය පථය තවත් පුළුල් කරගත්තා.
 
- rasaduna -

kemadasa

shungara

Back to top
Go to bottom