ටී.වී දෙරණ නාලිකාවෙ විකාශය වුණ තප්පර කට්ටා ටෙලිනාට්‍යයෙන් ප්රේක්ෂකයො අතර ප්‍රසිද්ධ වුණ ශෙරංගි නටාෂා මේ දවස්වල වයසක ප්‍රේමවන්තයෙකුට අහුවෙලා ඉන්න තරුණියන්ව යහමගට ගන්න හදන උත්සාහයක නිරතවෙලා ඉන්නවා. ඒ ගැන දැනගන්න ශෙරංගි එක්ක කතා කරන්න අපි හිතුවා.
නිළියක් නොවුනා නම් මොනවිදිහෙ වෘත්තියක් කරයිද?
රඟපාන්න කලින් ඉඳලා මම ගුරුවරියක් විදිහට වැඩ කළා. රංගනය මගේ ජීවිතයට සම්බන්ධ නොවුණා නම් සමහරවිට මම දිගටම ගුරුවරියක් විදිහට වැඩ කරන්න තිබුණා.
රංගන ක්ෂේත්රයේ වැඩ කරද්දී වඩාත්ම සතුටු හිතෙන දේ සහ වඩාත්ම එපා වෙන දේ මොකක්ද?
රූගතකිරීම්වලට අපිව ගන්නෙ උදේ පාන්දර. ඉතින් උදේම නැගිටිනඑක තමයි මට එපා වෙන එකම දේ. ඒ විදිහට කැපකිරීම් කරලා රඟපාපු දේ තිරයක නරඹන එක තමයි මම ලබන ලොකුම සතුට.
ජීවිතයේදි ශෙරංගිට ඉන්න ලොකුම හයිය කවුද?
මගේ ජීවිතයේදි මගෙත් එක්ක හැම වෙලේම ඉන්න කෙනො තමයි අම්මා. මාව හදලා වඩලා උගන්නලා සමාජයට යොමු කරලා ජීවිතය දිනන්න මට ලොකුම හයිය දෙන කෙනා තමයි මගේ අම්මා.
ශෙරංගිට කලා ක්ෂේත්රය ඇතුළේ යාළුවො ඉන්නවද?
ඔව්. අංජලී ජයසිංහ සහ වින්ඩි ඒකනායකව මම පෞද්ගලික මට්ටමින් ආශ්‍රය කරන යාළුවො. අපි තුන්දෙනාම රංගන ක්ෂේත්රයේ වැඩ කළාට අපි අතර තරගයක් නැහැ. එක්නෙක්ට වැඩක් ලැබිලා ක්ෂේත්රය තුළ ඉදිරියට යනකොට අපි තුන්දෙනාම සතුටු වෙනවා. අපි තුන්දෙනාම කවදාහරි දවසක රංගන ක්ෂේත්රයේ ඉහළ තලයක ඉන්නවා දකිනඑක අපි තුන්දෙනාගෙම බලාපොරොත්තුව වෙලා තියනවා.
-aruna-




