සිනමා රසිකයින්ට නවමු අත්දැකීමක් ගෙන එන 'අභිසාරී' චිත්‍රපටය එළඹෙන 24 වැනිදා සිට තිරගත වීමට නියමිතව ඇත.
මෙම සිනමාපටය තිරගත වීමට සමගාමීව සංවිධානය කරන ලද විශේෂ 'අභිසාරී' ඡායාරූප ප්‍රදර්ශනයක් 20 සහ 21 යන දෙදින තුළ කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වේ.
චිත්‍රපටය නැරඹීමට පෙර එහි අපූර්වත්වය දැකබලා ගැනීමට සිනමාලෝලීන්ට මෙන්ම කලාකාමී සැමට මෙම ඡායාරූප ප්‍රදර්ශනය වෙත පැමිණෙන ලෙස සංවිධායකයෝ ආරාධනා කරති.










