lan englan tam

අතන මෙතන

පරණවිතාන ප්‍රණාම උලෙළ 26

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහාචාර්ය, සෙනරත් පරණවිතාන මහතාගේ 120 වැනි ජන්මදිනය නිමිතිකර ගනිමින්  (26) ප.ව. 3.30 ට බෞද්ධාලෝක මාවතේ පිහිටි මහා භාරකාර මණ්ඩලයේදී ප්‍රණාමය පිරිනැමීමේ උලෙළක් හා සමුළුවක් පැවැත්වීමට නියමිතය.

මේ සමුළුවේ මුඛ්‍ය දේශනය “සීගිරි කුරුටු ගී පිළිබඳ විශේෂ අවධානය යොමු කොට පරණවිතාන ප්‍රාඥයාගේ සේවාව” මැයෙන් මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසයන් පැවැත්වීමට නියමිතය. 

මහාචාර්ය පරණවිතානයන්ගේ සේයාරුවට පුෂ්පෝහාර දක්වන්නේ මහාචාර්ය විනී විතාරණ විසිනි. මෙහි මූලාසනය මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා විසින් හොබවන අතර ආචාර්ය එඩ්වින් ආරියදාස ඇතුළු විද්වත් පිරිසක් විසින් සෙසු දේශන පැවැත්වීමට නියමිතය.

 

kemadasa

shungara

Back to top
Go to bottom