lan englan tam

පුවත්

නිශ්ශංක දිද්දෙණියගේ ස්වයං ලිඛිත චරිතාපදානය " සිඹිමි රඟබිම දිගාවී" ජනගත කිරීම අගෝස්තු 04 වැනිදා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන " සිඹිමි රඟබිම දිගාවී" කෘතිය ජනගත කිරීමේ උළෙල එළඹෙන අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා සවස 4.00 ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවය සම්මානිත සාහිත්‍යධර ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද විශේෂ අමුත්තෙකු ලෙස මීට සහභාගී වීමට නියමිතය. උළෙලේ මුඛ්‍ය දේශනය සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය විසින් පවත්වනු ලබන අතර, ප්‍රවීණ ලේඛක බුද්ධදාස ගලප්පත්ති මහතා විසින් කෙටි මතකාවර්ජනයක් සිදු කරනු ඇත.

උළෙල තවත් විචිත්‍රවත් කරමින් නිශ්ශංක දිද්දෙණියගේ නාට්‍ය ගීතාවලියෙන් සමන්විත විශේෂාංගයක් ද මෙහිදී ඉදිරිපත් කෙරේ. ඒ සඳහා ප්‍රවීණ ශිල්පීන් රැසක් ගායනයෙන් එක්වීමට නියමිත අතර රත්නා ලාලනී ජයකොඩි නිහාරී සෝමසිරි, මාදනී මල්වත්තගේ, කාංචනමාලා රණසිංහ, රවීන්ද්‍ර අලගියවන්න, මනුජ දිද්දෙණිය නිශ්ශංක දිද්දෙණිය  යන ශිල්පීහු දායක වෙති.

මෙම ගීත ගායනයන් සඳහා සංගීත නිර්මාණයෙන් ප්‍රවීණ සංගීතවේදීන් වන මහානාම වික්‍රමසිංහ සහ නවරත්න ගමගේ යන මහත්වරුන් දායකත්වය සපයති. උළෙලේ පූරක භූමිකාව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින් මෙහෙයවනු ඇත.

මෙම අපූර්ව සාහිත්‍ය සහ කලා මංගල්‍යය, කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාව එක්ව සංවිධානය කරනු ලබයි. මෙම හෘදයාංගම සැඳෑව හා එක්වන ලෙස සංවිධායක මණ්ඩලය කලාකාමී සැමට ගෞරවනීය ආරාධනාව පිරිනමා සිටියි.

 

WhatsApp Image 2026 07 22 at 1.22.31 PM

kemadasa

shungara

Back to top
Go to bottom