lan englan tam

විශේෂාංග

ඇමරිකානු ජාතිවාදය, සුදු ජාතික වැමිපයර්වරු සහ පව්කාරයෝ - “Sinners”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-මලින්ත විතානගේ-

කළු - සුදු වර්ණභේදවාදය පිළිබඳ ගැටලුව දැන් අනාදිමත් කාලයක ඉඳන් ඇමරිකානු සමාජය ඇතුළේ පැසව පැසව තිබෙන තුවාලයක්. තුවාලය නිට්ටාවට සුවවෙන බවක් නම් පෙනෙන්නට නැහැ.

ඇමරිකානු සමාජය ඇතුළේ තියෙන මෙි දැඩි අර්බුකාරී වාතාවරණය ඇමරිකානු හොලිවුඩ් සිනමාව ඇතුළේ බහුල මාතෘකාවක් බවට පත්වෙනවා.

මේ වර්ණභේදවාදයේ දෘෂ්ටියේ පොහොර ලෙස නිෂ්පාදනය වන 'Sinners (පව්කාරයෝ)' හොලිවුඩි චිත්‍රපටය තුළ ඇමරිකානු කළු ජාතික ශරීරය 'වෙනස' සලකුණු කරන සමාජ - සංස්කෘතික හා වාර්ගික පිටපතක් ලෙස ක්‍රියා කරනවා.

ඇමරිකාව කෙතරම් දියුණු රටක් වුවද ඔවුන්ගේ සමාජයේ අනාදිතමත් කාලයක සිට පවතින දැවැන්ත සමාජ ගැටුමක් තිබේ. ඒ ඔවුන්ගේ ජාතිවාදය පිළිබඳ ගැටළුවයි. ඇමරිකානු සුදු ජාතිකයන් සහ කළු ජාතිකයන් අතර ගැටුම පිළිබඳ දශක ගණනාවක සිට ඔවුන්ගේ සමාජයේ, ඉතිහාසයේ තිබෙන ප්‍රධානතම ජනප්‍රිය මාතෘකාවකි.

මේ නිසාම හොලිවුඩි සිනමාවෙන් වසරකට ඇමරිකානු කළු ජාතිකයන්ගේ වර්ණ භේදවාදය සම්බන්ධ තේමා ඇතුළත් බොහෝමයක් චිත්‍රපට නිෂ්පාදනය කරයි. 'Sinners' යනු එවැනි ගණයේ චිත්‍රපටයකි.

චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ 1930 දශකයේ පැවති කළු - සුදු වර්ණභේදවාදය ඉතාමත් දරුණුවට පැවති යුගයක සිදුවන අතිශය ප්‍රබන්ධ කතාවකි. කළු - සුදු වර්ණභේදවාදය මා වඩාත් අවධානය යොමු කරන කලාපයකි. එනයින් 'Sinners' යනු මා වඩාත් කැමතිම වර්ගයේ චිත්‍රපටයක් වන්නේ ඒ නිසා ය.

සමේ වර්ණය නිසාම මනුෂ්‍යයන් අතර පවතින ගැටුම සිනමා ආඛ්‍යාන තුළ ස්ථානගත කරන්නේ කෙසේද? යන්න නිරික්ෂණය කළ යුතු අධ්‍යයන කලාපයකි.

'Sinners' සිනමාපටයේ බහුල ලෙස කළු ජාතිකයක්ගේ ආත්මය බඳු 'බ්ලුස්' සහ 'ජෑස්' සංගීතය භාව්තා වෙයි. අනෙක් පසින් කළු ජාතිකයන්ගේ ශ්‍රමය වගුරුවන ලද 'කපු වගාව' ද සිනමාපටයේ අවස්ථා ගණනාවකදි නිරූපණය වෙයි. නිදර්ශනයක් ලෙස චිත්‍රපටයේ ප්‍රධාන චරිත යුගලය තෙරක් නොපෙනෙන කපු වගා භූමිය මැදින් තම ගමන් මාර්ගය සිදු කිරීම.

චිත්‍රපටය බැලු බැල්මට සුදු ජාතිකයන් විවෙිචනය කරන ජාතිවාදී චිත්‍රපටයකි. කළු ජාතික ප්‍රජාව ඉතා සතුටින් නැටුම්, වැයුම්, ගැයුම් සමඟ සිටින මොහොතක ඔවුන්ගේ සතුටුදායක මොහොත උදුරා ගන්නට සුදු ජාතිකයන් ලේ උරාබොන වැම්පයර් වේශයෙන් පැමිණෙයි. චිත්‍රපටයේ පැහැදිලවම සුදු ජාතිකයන් ඉතා දුෂ්ට ම්ලේච්ඡසහගත පිරිසක් බව ඉන් සංකේතවත් වෙයි.

sinners theatrical trailer banner

මෙය හුදෙක්ම වැමිපයර්වරු සම්බන්ධ චිත්‍රපටයක් නොවන්නේ මෙතැනදිය. එය දේශපාලනික චිත්‍රපටයකි. ජාතිවාදී ප්‍රකාශනයකි.

කළු ජාතික අධ්‍යක්ෂවරයකු වන 'රයන් කුග්ලර්' විසින් අධ්‍යක්ෂණය කළ 'Sinners' වැනි ජාතිවාදී චිත්‍රපටයක් හුදෙක්ම Horror පන්නයේ චිත්‍රපටයක් ලෙස සිතා බැහැර කළ නොහැකිය. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ 'බිලැක් පැන්තර්' වැනි සුපිරි වීර චිත්‍රපටයක් හරහා තම ජාතිය වීරත්වය නැංවීය. හොලිවුඩයේ සිටින ජනප්‍රිය කළු ජාතික අධ්‍යක්ෂවරයකු වන ජෝර්දාන් පීලේ අධ්‍යක්ෂණය කළ 'Get Out' වැනි Horror ශානරයේ චිත්‍රපටයේ ද මෙවැනි දේශපාලනික අන්තරගතයක් තිබුණි.

'Sinners' අන්තර්ගත වැමිපයර් කතන්දරයට අමතරව අප වඩාත් සියුම්ව කියවිය යුතු කාරණා රැසක් චිත්‍රපටය තුළ තිබෙි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇමරිකානු කළු ජාතික නළු 'මයිකල් බී. ජෝර්දන්' සිදු කරන රංගනය ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානය දිනා ගන්නට සමත්කම් දක්වයි. ඔහුගේ මුහුණේ අවස්ථානුකුලව වෙනස් වෙන භයංකාරත්වය සහ සතුට පිළිබඳ භාව ප්‍රකාශන නිරූපණය වඩාත් ප්‍රශස්ථ අන්දමින් සිදු කරයි.

16198fc6 bfcd 47e8 993a 56b2843f381c.sized 1000x1000 1

චිත්‍රපටයේ රතු සහ කළු වර්ණයේ ප්‍රභේද සංයෝජනය, කැමරාකරණය සහ ආලෝකකරණය චිත්‍රපටයේ කතාව තීව්‍ර කරන සිනමාත්මක සාධක වෙති. Low key Lightning (මඳ ආලෝකය) යටතේ රූපගත කර ඇති 'Sinners' Horror ශානරයට උචිත වර්ණ මාලාවක් භාවිතා කර තිබේ. ඒ අර්ථයෙන් 'Sinners' යනු සිනමාත්මක චිත්‍රපටයකි. නමුත් දේශපාලනික වශයෙන් චිත්‍රපටයේ ගෙනෙන ජාතිවාදී පණිවුඩය එතරම් හොඳ නැත. එය අධ්‍යක්ෂවරයාගේ අන්තගාමි ප්‍රකාශනයකි.

intro 1744924041

චිත්‍රපටය ඇතුළේ ප්‍රමුඛ වශයෙන් මාතෘකාගත වන කාරණාව සුදු - කළු වර්ණභේදය බව අධ්‍යක්ෂවරයා විසින් දැනටමත් පවසා අවසන්. සුදු ජාතික ප්‍රජාව විසින් කළු ජාතිකයන් පාලනයට නතු කර ගැනීම සහ එය සිදු කරන්නේ කෙසේද? යන්න සහ කළු ජාතිකයන්ගේ වීරත්වය පිළිබඳ දෘෂ්ටිවාදී අදහස චිත්‍රපටය තුළ සංකේතානුසාරයෙන් නිරූපණය කරනවා.

තම පැවැත්මට බාහිරින් තර්ජනයක් තිබෙිය යන මිථ්‍යාමය විශ්වාසය, ඇත්ත වශයෙන්ම මෙම බය ඒ ඒ ප්‍රජාවන් විසින් පරිකල්පනය කරනු ලබනවා මෙන්ම ඒක "පරිකල්පිත බියක්"(Imagined fear). එම පරිකල්පිත බිය වැම්පයර් වේශයෙන් දක්වයි.

ස්මොක් සහ ස්ටැක් නිවුන් සොයුරන් දෙපළගේ දැඩි ආලකම විසින් ගිලගන්නා සුදු හම සහ කළු හම අතර ඇති ගැටුම අවසානයේ ලේ වැකුණු ප්‍රචණ්ඩත්වයෙන් කෙළවර වීම එක් පසෙකින් ජෝර්ජ් ෆ්‍රොලොයිඩ්ගේ මරණය දක්වා ඛෙිදවාචකය පිළිඹිබු කරන්නකි.

අපි ප්‍රචණ්ඩත්වයේ සියවසක් පසුකරමින් සිටින බව යමි සංඥාවක් චිත්‍රපටය ඇතුළේ නිෂ්පාදනය කරනවා. ලෝක යුද්ධ, යටත් විජිත ජයග්‍රහණ, සිවිල් යුද්ධ, විප්ලව, ප්‍රතිවිප්ලව යනාදියෙන් මෙි සියවස පිරෙමින් පවතිනවා.

ජාතිවාදී ගැටුමි නාමයෙන් මරණවලින් පාඩමි ඉගෙනගන්නට මනුෂ්‍යයා කිසිම මොහොතක සුදානමි නැති බව නැවත නැවතත් සිතන්නට බල කරන මෙවැනි ගණයේ චිත්‍රපටයක් අරපරෙස්සමෙන් යුතුව නැරඹිය යුතු ය.

 

476237625 2101514566935849 5297727973837240105 n 

 

 

 

 

කර්තෘ -මලින්ත විතානගේ-

'Malintha Vithanage' Face book පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී 

 

kemadasa

shungara

Back to top
Go to bottom