(පොත ස්පොයිල් නොකර ස්ට්‍රක්චර් එක ගැන විතරයි)
මට අනුව සුනේත්‍රා රාජකරුණානායකගේ හොඳම පොත "පොදු පුරුෂයා".
ඒ පොතේ තියන දෘෂ්ඨිවාදය නිසා නෙවෙයි. පොතේ ස්ට්‍රක්චර් එක නිසා. දෘෂ්ඨිවාදය නම් ගොඩක් වෙලාවට සුනේත්‍රා දිගින් දිගටම ලිව්ව ජනප්‍රිය ස්ත්‍රීවාදී දෘෂ්ඨිවාදයම තමයි. ඒ තමයි ස්ත්‍රිය යනු "ස්ත්‍රී ලිංගයක් සහිත පුද්ගලයාය" යන මූලික නිගමනයකට යටත්ව ස්ත්‍රියගේ ජීවිතය කියවීම. මට අනුව "ස්ත්‍රීවාදය" ඊටවඩා සෑහෙන සංකීර්ණයි සහ විසාලයි....

නමුත් මේ "පොදු පුරුෂයා" පොතේ ස්ට්‍රක්චර් එකත් කතාව කියන්න සුනේත්‍රා පාවිචච්කරන වේදිකාව සහ පර්ස්පෙක්ටිව් එක මාරම ආතල්...
පොතේ සට්‍රක්චර් එක ගත්තොත් විශාල කුණාටුවක් ඇවිල්ලා අපි ජීවිත වල අපිව ලොකුවට පෙන්නන්න හදපු ස්ට්‍රක්චර්ස් (ගෙවල්, ඔෆීෂ්), අපේ මැදපංතික වටිනාකම් වැඩිකරගන්න අමාරුවෙන් ගත්ත වාහන, අපේ ලස්සන පාට්නර්, උසස්ම අමුද්‍රව්‍ය වලින් හදපු අපේ වටිනා ඇඳුම් ආදී එකී මෙකී නොකී වටිනාකම් සියල්ලේ වටිනාකම අහෝසිවෙනවා. මේ වටිනාකම් තමයි ගොඩක් වෙලාවට දකුණු ආසියානු කලාපයේදී "පොදු පුරුෂයා" ගොඩනඟන්නේ. හැබැයි මේ වටිනාකම් ගොඩනැංවීමේ ලොකුම කාර්යක් ඒ "පොදු පුරුෂයා" පිටිපස්සේ ඉඳගෙන කරන්නේ ස්ත්‍රිය කියන එක සුනේත්‍රා වගේ අය හිතාමතාමත් අමතක කරනවා....
නමුත් මෙන්න මේ ආරෝපණය කරන ලද හෝ උපයන ලද, එහෙම නැත්තං එකතුකරගන්නා ලද වටිනාකම් අහෝසි උණාට පස්සේ අපි ළඟ ඇත්තටම ඉතුරුවෙන්නේ "අපි නම් මනුෂ්‍යා" කියන වටිනාකම විතරයි. ඉතිං අපිට අර උඩ කිව්ව ටික ළඟාකරගන්න අපි මුලින්ම නැතිකරගන්නේ ආපසු ගත නොහැකි "අපි නම් මනුෂ්‍යා" කියන වටිනාකම... මෙතනදී පුරුෂයා සහ ස්ත්‍රිය දෙන්නම "පොදු" වෙනවා....
ජනප්‍රිය හැඩයේ ස්ත්‍රීවාදී දෘෂ්ඨියක් ඇතුලේ ලිව්වට මට "පොදු පුරුෂයා" පොදු අත්දැකීමක් වුනේ එහෙම. මගේ රස්සාව රූප සම්බන්ද දෙයක් නිසාම යමක් කියවනකොට මට ටිකක් ඩීටේල් රූපයක් මැවෙනවා. මට කඩාවැටිලා වතුරේ ගිළුණ පාර්ලිමේන්තුව, ගස් වැටුණ විශාල ධනවත් ගෙවල්, ගිලාබැහැපු පාරේ හිරවුණ කෝටි ගණන් වටින වාහන වගේ සුනෙත්‍රා "පොදු පුරුෂයා" නම් සංකේත පිරිමියා ස්‍ත්‍රියක් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් ගොඩනඟන ලද කුණාටුව හෙවත් ස්වාභාවය විසින් නැවත බිඳවට්ටවන ලද භෞතික "පුරුෂ සංකේත" ටික මැවි මැවී පේනවා මේ කුණාටුව ඇතුලේ ඉඳලා බලාගෙන ඉන්නකොට....
"පොදු ස්ත්‍රිය" මූලිකව පිරිමියෙක්ට ආකර්ෂය වෙන මේ "පොදු පුරුෂ" සංකේත ටික ඇතුලේම නැවත දවසක "පොදු ස්ත්‍රිය" සිරකාරියක් වෙනකොට ඒ දවසෙම "පොදු පුරුෂයා" තමන්ගේ සංකේත ඇතුලේ අතරමං වෙලා අනාත වෙනවා.... මේ චක්‍රය සුනේත්‍රා "පොදු පුරුෂයා" ඇතුලේ ලස්සනට ස්ට්‍රක්චර් කරනවා...
සාහිත්‍ය, සිනමාව කියන්නේ මාරම බලවත් දේවල්. ඒකේ දෘෂ්ඨිවාදය වගේම ඒ දෘෂ්ඨිවාදය අපිට ඉදිරිපත් කරන්න නිර්මාණය කාරයෝ භාවිතා කරන ස්ට්‍රක්චර් එකත් ඒ ස්ට්‍රක්චර් එකේ තියන ඩීටේල්ස් අපිත් එක්ක සම්බන්දවෙන තැනත් ගොඩක්වෙලාවට නිර්මාණකාරයාගේ පාලනයට මෙපිටින් තියෙන්නේ.....

මේ කුණාටුව මැද හැමෝටම නිරුපද්‍රිතව ඉන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් නොකියවපු කෙනෙක් ඉන්නවානං මේක පහවෙලාගියාට පස්සේ මේ අත්දැකීමේ මතකය එක්ක "පොදු පුරුෂයා" කියවන්න....
ලකා.

සටහන - ලක්මාල් ධර්මරත්න
(මෙම සටහන 'Laka Darmarathna' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)













