lan englan tam

පුවත්

පළමු හාදුව මැජික් එකක් ; දෙවැන්න සමීපත්වය පෙන්නුම් කිරීමක් ; තෙවැන්න හුදු පුරුද්දක් බවට පත්වේ. The Long Goodbye (1953)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රේමන්ඩ් චැන්ඩ්ලර් (Raymond Chandler) යනු  රහස් පරීක්ෂණ කතාවක් හුදෙක් අපරාධයක් විසඳීමේ කතාවක් පමණක් නොවන බව ලෝකයට පෙන්වා දුන් විශිෂ්ට ඇමරිකානු ලේඛකයෙක්.

අපරාධය සිදුකලේ  කවුද  යන ප්‍රශ්නයට පමණක් පිළිතුරු සෙවීම වඩා  එය එම අපරාධය ඇති කළ සමාජ තත්වයන්, මිනිසුන්ගේ  ඇදුරු ආශාවන්, දුර්වලතා, බිය සහ මානසික ගැටුම්  ඔහු  පුළුල්  ලෙස  අවධානයට ලක් කරන ලදී.

 

ඔහු නිර්මාණය කළ ෆිලිප් මාර්ලෝ (Philip Marlowe) නම් පෞද්ගලික රහස් පරීක්ෂක චරිතය හරහා, අපරාධ ලෝකය පමණක් නොව මිනිස් ස්වභාවය, තනිකම, දූෂණය සහ සත්‍යය සෙවීම පිළිබඳ ගැඹුරු ප්‍රශ්නද ඉදිරිපත් කළේය.

0x1900 000000 80 0 0

 

ඇල්ෆ්‍රඩ් හිච්කොක් නම්  සිනමාවේ දැවැන්තයා 'Strangers on a Train' සඳහා තිර රචනයට  චැන්ඩ්ලර්  සම්බන්ධ කරගනී. නමුත් දෙදෙනාගේ කලාත්මක අදහස් ගැලපෙන්නේ නැත.හිච්කොක් වැදගත් ලෙස  අවධාරණයට  යොමුකළේ  දෘශ්‍යමය (visual) කථාන්දර කීමේ ක්‍රමයයි . චැන්ඩ්ලර් ට කැමති වුණේ දෙබස් හා චරිත මූලික කථාන්දරයක්. මේ නිසා ඔවුන් අතර දැඩි මතභේද ඇති වුණා.අවසාන ප්‍රතිඵලය වුයේ  චැන්ඩ්ලර්ගේ  මුල් තිර රචනයෙන් වැඩි කොටසක් හිච්කොක් භාවිතා නොකිරීමයි.

 

chandler hitchcock literactor

මෙම දැවැන්තයින්  දෙදෙනාගේ මතබේදය සාහිත්‍ය සහ සිනමා  රචනය  අතර ඇති  වෙනස  බොහෝ  චිචාර සංවාද පෝෂණයට උදවු  විය.

අපරාධ  සිදුවන  සමාජ හදවත  සොයාගිය රේමන්ඩ් චැන්ඩ්ලර් නම්  විශිෂ්ට  නවකතා කරුගේ  138 වන  ජන්ම දිනය  අදයි.  (Jul -23  )

-ගයියා-

kemadasa

shungara

Back to top
Go to bottom