Pulp Fiction, Django Unchained, Inglourious Basterds... වැනි ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ක්වෙන්ටින් ටැරන්ටිනෝව ඔබ අසා ඇති.
ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක ක්වෙන්ටින් ටැරන්ටිනෝ
පසුගියදා ඔහු ප්‍රකට “Bret Easton Ellis Podcast” නම් podcast වැඩසටහනට සහභාගී වෙමින් මේ වනතෙක් 21 වන සියවස පුරාවට නිකුත් වූ ඔහුගේ ප්‍රියතම චිත්‍රපට 10 ය හෙළි කරනු ලැබුවේ එක් පුදුම සහගත තේරීමක් එහි ඉහළින්ම සටහන් කරමින්.
ටැරන්ටිනෝ මීට සතියකට පෙර ඔහුගේ 11 හේ සිට 20 දක්වා චිත්‍රපට නම් කළ අතර එයට ස්ටීවන් ස්පිල්බර්ගේ “West side story” සහ “Money Ball”, “Battle Royale” වැනි චිත්‍රපට අන්තර්ගත විය.
මෙවර, ඔහු තීරණාත්මක, ඉහළම චිත්‍රපට 10 නම් කළ අතර එම ලැයිස්තුවේ කිරුළ හිමි කරගත් චිත්‍රපටය වූයේ රිඩ්ලි ස්කොට් විසින් අධ්‍යක්ෂණය කළ 'Black Hawk Down' චිත්‍රපටයි.
"Black Hawk Down" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහළින්>>
2001 වසරේ නිකුත් වූ මෙම යුධ චිත්‍රපටය ගැන අදහස් දක්වමින් ඔහු එම චිත්‍රපටයට ඇති ආදරය ප්‍රකාශ කළේ මෙසේයි.
“මම හිතන්න්නේ එය විශිෂ්ට සිනමා කෘතියක් (masterwork). ඇත්තටම මම එයට බෙහෙවින් ආදරය කරන්නට එක දෙයක් තමයි මේක තමයි එකම චිත්‍රපටය “Apocalypse Now” (1979) චිත්‍රපටයේ අරමුණ (sense of purpose), දෘශ්‍ය ප්‍රයෝග, හා හැගීම සම්පූර්ණයෙන්ම අනුගමනය කරන. මම හිතන්නේ එය එය සක්ෂාත් කර ගන්නවා. එය විනාඩි 2යි 45ක් පුරාවට හෝ ඒ වගේ කාලයක් පුරාවට තීව්‍රතාවය පවත්වා ගෙන යනවා, මම මෑතකදී එය නැවත බැලුවා, චිත්‍රපටයේ මුළු ධාවන කාලය පුරාම මගේ හදවත ගැස්සුණා; එය මාව අල්ලාගෙන සිටි අතර කිසි විටෙකත් අතහැරියේ නැහැ, මම ටික කලකින් එය දැක තිබුණේ නැහැ. අධ්‍යක්ෂණයේ විශිෂ්ටත්වය අසාමාන්‍යයි.”
“Toy Story”(2010) ඇනිමේෂන් චිත්‍රපටය
ඔහුගේ චිත්‍රපට ලැයිස්තුවේ මීළඟට ඉහළින්ම තිබූ චිත්‍රපටය වූයේ “Toy Story”(2010) animated චිත්‍රපටයයි. ටැරන්ටිනෝ එය හැඳින්වූයේ “සම්පූර්ණයෙන්ම පාහේ පරිපූර්ණ චිත්‍රපටයක්” ලෙසයි. තවද ඔහු මෙසේ පැවසීය:
“අවසාන විනාඩි පහ මගේ හදවත උදුරා ගත්තා, මම එහි අවසානය විස්තර කිරීමට උත්සාහ කළත්, මට අඬන්න පටන් අරන් හඬ හිරවෙයි… එය හුදෙක් විශ්මයජනකයි.”
ටැරන්ටිනෝ ගේ ඊළඟ චිත්‍රපටය උනේ Sofia Coppola ගේ ‘Lost in Translation’(2010) චිත්‍රපටයයි.
‘Lost in Translation’(2010) චිත්‍රපටය
මෙම චිත්‍රපටය ගැන ඔහු විහිළුවට මෙන් මෙසේ පැවැසීය.
“මම ‘Lost in Translation’ චිත්‍රපටයට කොතරම් ආදරය කළාද කියනවා නම් මම Sofia Coppola ට ආදරය කර ඇයව මම පෙම්වතිය කර ගත්තා”
ටැරන්ටිනෝගේ ලැයිස්තුවේ පහළ භාගය වන විට George Miller ගේ “Mad Max: Fury Road”(2010), Edgar Wright ගේ ‘Shaun of the Dead’ (2004), Woody Allen ගේ “Midnight in Paris”(2011) වැනි පුළුල් පරාසයක චිත්‍රපට විය.
George Miller ගේ “Mad Max: Fury Road”(2010)
ක්වෙන්ටින් ටැරන්ටිනෝට අනුව 21 වන සියවසේ හොඳම චිත්‍රපට 10 ය මෙසේයි.
- Black Hawk Down
- Toy Story 3
- Lost In Translation
- Dunkirk
- There Will Be Blood
- Zodiac
- Unstoppable
- Mad Max: Fury Road
- Shaun of the Dead
- Midnight in Paris
මූලාශ්‍රය - variety













