lan englan tam

නැවුම් වීරයෝ සහ ප්‍රවීණ දුෂ්ඨයෝ...

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Lakmal Darmarathna-

හිතාමතාම කලා කියලා හිතෙන Father - ෆාදර් චිත්‍රපටියේ කාස්ටින් ට්‍රික් එකක් ගැන මට හිතුණ දෙයක් මේක...

පූජන, කණිෂ්ක ඇතුළු ඩෙස්මන්ඩ් (ඔස්මන්ඩ්) ගේ සෙට් එක සිනමාවේ නැවුම්ම මූණු ටිකක්. චමින්ද තෝරාගන්නේ ඔස්මන්ඩ්ගේ ජීවිතේ ඔස්මන්ඩ් අපරාදවලට බ්‍රේක් ඉන් වෙන පරිච්ඡේදය. ඇත්තටම ගත්තොත් අපරාධ ලෝකෙට ඩෙස්මන්ඩ් නැවුම්... චමින්ද මේ ප්‍රැක්ටිකල් නැවුම්බව තිරයට ගේනවා ඩෙස්මන්ඩ්ගේ ඇතුළු එයාගෙ සෙට් එකම සිනමා තිරයේ නැවුම්ම මූණුවලින් පුරවලා... කණියා සහ පසන් ඇරුණම අනික් හැමෝගෙම පළවෙනි ෆිල්ම් එක මම හිතන්නේ....

 

f image

 

මේකේ අනික් පැත්ත තමයි දුෂ්ඨයෝ... ඩෙස්මන්ඩ් (ඔස්මන්ඩ්) අපරාධ ​​ලෝකෙට බහිනකොට ඒකෙ ඉන්න සීනියර්ස්ලා සෙට් එකම ඒ වැඩේට සීනියර්ස්ලා. චමින්ද ඇතුළු ටීම් එක ඒකට කාස්ට් කරන්නේ ෆිල්ම් ඇක්ටින් ලොකේ සීනියර්ස්ලා සෙට් එකක්. ජගත් මනුවර්ණ, ශ්‍යාම් ෆර්නෑන්ඩෝ, සිසිර කඩිකාර, බිමල් ජයකොඩි, අංජන ප්‍රේමරත්න වගේ පුළුවන් තරම් ජේෂ්ඨ රංගන ශිල්පීන්ගෙන් ඒ ​කොටස පුරවනවා.... මේක හෙණ ආතල් බැලන්ස් එකක් මට අනුව තිරය උඩ....

 

f iamge 2

 

මේක තහවුරු වෙන තැනක් තමයි ඩෙස්මන්ඩ් ලොකුවෙලා ඒකේ සීනියර් කෙනෙක් වෙනකොට එතෙන්ට ඒනනේ සෞම්‍ය ලියනගේ වීම...

 

 

ෆිල්ම් එක බැලුවනං මේක හිතලා බලන්න... ෆිල්ම් එක බලලා නැත්තං මේක හිතාගෙන බලන්න... ආතල් වෙයි.....

ළඟම සිනමාශාලාවෙන් බලන්න....

 

83332787 645047429368481 149939292578250752 n

සටහන - ලක්මාල් ධර්මරත්න

(චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක)

(මෙම සටහන 'Laka Darmarathna' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom