lan englan tam

ග්‍රාමීය සිසුන්ට අධ්‍යාපනික උපකරණ දීමට ආධාර ඉල්ලයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ග්‍රාමීය පාසල් තුනක ඉගෙනුම ලබන දරු දැරියන් 82 දෙදෙනෙකුට අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බව Outreachers Benevolent Society පවසයි.

 මෙම ව්‍යාපෘතිය සඳහා යන වියදම රු. 783,455ක් ලෙසින් ගණන් බලා ඇති බව කියා සිටින පුන්‍යායතනය, ඊට දායක වීම සඳහා ගම්පහ පිහිටි ලංකා බැංකුවෙහි ගිනුම් අංක 75289597ට මූල්‍යමය පරිත්‍යාග සිදු කරන්නැයි ඉල්ලා සිටී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් සහ උපාධිධාරිනියන් එක්ව පිහිටුවා ඇති මෙම පුන්‍යායතනයෙහි කාර්යාලය නුගේගොඩ, තලපත්පිටියේ පිහිටා ඇත.

එය මීට පෙර ග්‍රාමීය පාසල් හතරක සිසු සිසුවියන් අතර රු. මිලියන 1.6කට අධික වටිනාකමක් ඇති අධ්‍යාපනික උපකරණ බෙදා දී තිබේ.

 

Back to top
Go to bottom

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries