මහනුවර කියන්නේ ලංකාවේ ප්‍රධානම නගරයක්.
මහනුවර කිව්වම මතකයට නැගෙන්නේ දළඳා මාලිඟාව ය. මාළිඟාවත් සමඟම බැඳුණු වෙනම පාසල් සංස්කෘතියක් නුවර දකින්නට ලැබේ. මේ නුවර පාසල් සංස්කෘතිය ගැන විටින් ව්ට සමාජය තුළ කතා බහට ලක්වීම සුලබ දෙයකි. නුවරට ආවේනික වෙනම සංස්කෘතික සෞන්දර්යාත්මක දේවල් ද බොහෝ ඇත. එසේ පැවැත්වීමට නියමිත වෙනස් ආකාරයේ සංස්කෘතික අංගයක් ලෙස ස්වරාත්ම හැඳින්විය හැක.
මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය විසින් පවත්වන ස්වරාත්ම නම් සංගීත ප්‍රසංගය නොවැම්බර් 22 දා පැවැත්වීමට නියමිතයි. පාසල් ළමුන් සඳහා නොවැම්බර් 22 දා උදෑසන 11ට පාසල් ළමුන් වෙනුවෙන් වෙනම ප්‍රසංගයක් පවත්වන අතර එදින රාත්‍රී 7ට විශේෂ මහජන ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
විද්‍යාලීය සංගීත කණ්ඩායම විසින් සංගීතය සපයන අතර ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වන කාංචනා අනුරාධි ද මෙම ප්‍රසංගය වර්ණවත් කිරීමට එක්වෙයි.
මෙම ප්‍රසංගයේ ටිකට් පත් පහත ආයතන මගින් ලබාගැනීමට හැකියාව තිබේ.
Cafe The Vibe
The Kandos shop Kandy
KCC
ප්‍රසංගය පිළිබඳව විමසීම -
අනුෂ්ක විජේසුන්දර - 0753772103
