ඉන්දියානු ප්‍රේම වෘත්තාන්ත (romance) චිත්‍රපට ඉතිහාසයේ ආදායම් වාර්තා අලුත් කරමින්, මේ දින වල අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ලොව පුරා තිරගත වන චිත්‍රපටයක් තමයි ‘සයියාරා’ (Saiyaara) හින්දි චිත්‍රපටය.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Aashiqui 02 (2013), Ek Villain (2014), Awarapan (2007), Malang (2020) වැනි ප්‍රේමය පාදක කරගත් ජනප්‍රිය චිත්‍රපට රැසක අධ්‍යක්ෂකවරයා වූ මෝහිත් සූරි (Mohit Suri) විසින්.
ඉතින්, පසුගිය ජූලි මාසේ 18 වෙනිදා තිර ගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය මේ වෙන කොට ඉන්දියානු රුපියල් කෝටි 500 ඉක්මවා ගිය සමස්ථ ආදායමක් ලබමින් ඉන්දියානු ප්‍රේම වෘත්තාන්ත (Romantic) චිත්‍රපට කාණ්ඩයේ චිත්‍රපටයක් වාර්තා කල ඉහළම ආදායම වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.
ඒ වගේම වැඩිම ආදායමක් ලබූ ඉන්දියානු (හින්දි) චිත්‍රපට 15 අතරටත් මේ වෙන කොට “Saiyaara” චිත්‍රපටය එක් වෙලා තියෙනවා. ඒ 2019 තිර ගත වූ ‘war’ චිත්‍රපටයේ ආදායම පසු කර යමින්.
‘Yash- Raj Films’ නිෂ්පාදනයක් වන 'සයියාරා' චිත්‍රපටයේ ප්‍රධාන චරිත ඔස්සේ රංගනයෙන් දායක වන්නේ Ahaan Panday සහ Aneet Padda වන අතර මෙය ඔවුන් දෙදෙනාගේ පළමු චිත්‍රපටය වීමද විශේෂත්වයක්.
චිත්‍රපටයේ කතා තේමාව ගලා යන්නේ සංගීතය නිසා එකට එක් වන එකිනෙකට හාත්පසින්ම වෙනස් ජීවිත දෙකක් ගත කරන තරුණයෙකුගේ හා තරුණියකගේ ආදර කථාවක් වටායි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න>>>









