‘ෂෙලීනා’ චිත්‍රපටය ඔබ වෙත ගෙන ආ පූජිත ගුණතිලකගේ නවතම සිනමා නිර්මාණය ‘එළ ද Braa’ එළඹෙන අගෝස්තු 29 වන දින සිට එම්.පී. අයි. සිනමා මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා තිරගතවීම ඇරඹෙන්නට නියමිතයි.
රසවත් හාස්‍යමය චිත්‍රපටයක් වන මෙය සතුට, විනෝදය සපිරි සිනමා අත්දැකීමක් ඔබට තිළිණ කරන්නට සූදානම්.
පුබුදු චතුරංග, නිලුක්ෂි අමන්දා සිල්වා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස් ,සරත් කොතලාවල , මිහිර සිරිතිලක , සුරංග සතරසිංහ, නිල්මිණි කෝට්ටේගොඩ , සුසිලා කෝට්ටගේ.... ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුජිතා පීරිස් සහ දේදුණු සිල්වා විසින් වන අතර මෙය ‘Heavens Gate Films Productions’ ඉදිරිපත් කිරීමක්.
ඉතින්, කලබලකාරී ජීවිතයේ ආතතියට විරාමයක් දෙන්න, සිනහව සපිරි සිනමා අත්දැකීමක් විඳ ගන්න ‘එළ ද Braa’ පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක්.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.>>>









