lan englan tam

පුවත්

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2025 : සම්මාන ලැබූ ජයග්‍රාහකයන් මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධානය කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2025, අද (01) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී පැවැත්වුණා.

මෙවර සම්මාන ප්‍රධානයේදී 2024 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද ( නවකතා, කෙටිකතා, කාව්‍ය සංග්‍රහ, පුවත්පත් තීරු ලිපි, පද්‍ය කාව්‍ය සහ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයයන්ට අදාළ ශාස්ත්‍රීය කෘතීන්) යන කාණ්ඩ 06 ක් යටතේ සම්මාන ප්‍රධානය සිදු කෙරුණ අතර, වට තුනකින් සමන්විත ඇගයීම් ක්‍රියාවලියක් ඔස්සේ අවසන් වටයට තේරී පත් වූ කෘතීන් අතරින් ජයග්‍රාහක කෘතීන් තෝරා ගන්නා ලදී.

ඒ අනුව අවසන් වටයට නිර්දේශ වූ කෘතින් අතරින්,

2025 වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි සම්මානය ජයග්‍රහණය කළේ මහින්ද චන්ද්‍රසේකර විසින් රචනා කළ ‘වාපි’ නවකතාවයි. මෙම කෘතිය ප්‍රකාශයට පත් කලේ ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් විසිනි.

 

539941924 1306265521298885 5439045967845125471 n

 

වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘මහජන ෆාමසිය’ කෙටි කතා සංග්‍රහයට හිමි විය. මෙම කෘතිය ප්‍රකාශයට පත් කලේ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනය විසිනි.

 

541523471 1306253427966761 5484228888636024250 n

 

 

වසරේ විශිෂ්ටතම තීරුලිපි හෝ විශේෂාංග ලිපි සංග්‍රහය ලෙස සම්මානය දිනා ගත්තේ මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘බල්සාක් කැෆේ’ තීරු ලිපි සංග්‍රහයයි. මෙය විදර්ශන ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් විය.

 

541637745 1306228884635882 6675033043078591583 n

 

වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානය දිනා ගත්තේ ටිම්රාන් කීර්ති විසින් රචිත ‘මදුරාවතී නම් තරු රටාව’ පද්‍ය සංග්‍රහයයි. මෙම කෘතිය විදර්ශන ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් විය.

 540194509 1306238144634956 6698954852961413234 n

 

වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සුනෙත් රූපසිංහ විසින් රචිත ‘පුදසුනක නිසල බව’ කෘතියයි. (කර්තෘ ප්‍රකාශන)

540009175 1306210184637752 4268376767524160612 n

 

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතියට හිමි සම්මානය ගිනිකටුවැවේ විපුල හිමි විසින් රචිත සිංහල අක්ෂර වින්‍යාසය (අර්බුද, ප්‍රවාද සහ යෝජනා) කෘතියට හිමි විය. (සමයවර්ධන පබ්ලිෂර්ස් (පීවීටී) එල්ටීඩී) විසින් මෙම කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී.

 

540505225 1306194294639341 1929347225356605590 n

 

 

540894475 1306197561305681 8841288234463166495 nවසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතියට හිමි සම්මානය ගිනිකටුවැවේ විපුල හිමි විසින් රචිත සිංහල අක්ෂර වින්‍යාසය (අර්බුද, ප්‍රවාද සහ යෝජනා) කෘතියට හිමි විය.

 

542711799 1306268774631893 5169579873480975440 n 1

vidodaya awards winning list

 

 

kemadasa

shungara

Back to top
Go to bottom