lan englan tam

පුවත්

චමින්ද ජයසූරියගේ “FATHER - ෆාදර්” ළඟදීම දිවයින පුරා සිනමා ශාලා වලදී (Trailer)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන “Father - ෆාදර්” සිංහල චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය ඊයේ (05) දිනයේ නිකුත් කරනු ලැබුවා.

“Father - ෆාදර්” චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වීමට නියමිතයි.

70-90 දශකයන් හී ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙනයි ‘Father’ චිත්‍රපටයේ කතාව ගොඩනැගී තිබෙන්නේ.

සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න, සේවියර් කණිෂ්ක.... ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන මෙම සිනමා නිර්මාණයේ තිර රචනය චමින්ද කොඩිතුවක්කු විසිනි.

මෙය  EMIKA PRODUCTION නිෂ්පාදනයක්.

“Father - ෆාදර්” චිත්‍රපටය ගැන තවදුරටත් කියවන්න>>

‘ෆාදර්’ චිත්‍රපටයට චරිත තේරුවේ වේදිකාවට මුල් තැන දීලා: සිනමා අධ්‍යක්ෂක චමින්ද ජයසූරිය

 

ඊයේ (05) නිකුත් වූ චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින් >>>  

 

 

kemadasa

shungara

Back to top
Go to bottom