බොහෝ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවෙන් සිටි “නීරා” නවතම සිංහල චිත්‍රපටය එළඹෙන සැප්තැම්බර් 18 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වන්නට නියමිතයි.
නිරා චිත්‍රපටය අධ්‍යක්ෂණය ‘ආදරණීය ප්‍රාර්ථනා’, ‘විසල් ආදරේ’ වැනි ජනප්‍රිය චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට තිළිණ කල වාසව බදුගේ විසින්.
ශනුද්‍රි ප්‍රියසාද්, කසුනි කාවින්දි , සෙනිත් ගජවීර, පියුමාලී එදිරිසිංහ වැනි නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
‘නීරා’ චිත්‍රපටයේ තිර පිටපත සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කළ අතර මෙහි සංගීත අධයක්ෂණය යසස් මැදගෙදර විසිනි.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ලාලින්ද විජේවික්‍රම සහ හිරුණි සිතාරා බදුගේ විසින්.
ඉතින්, එළඹෙන 18 වනදා සිට ප්‍රේක්ෂක ඔබට ළඟම සිනමා ශාලාවේදී “නීරා” චිත්‍රපටය නරඹන්නට එක් විය හැකියි.
නීරා චිත්‍රපටයේ නිකුත් වූ නවතම ගීතය “මට ආයේ ඕනා” පහතින් නරඹන්න!
ගායනය - රවීන් තාරුක
පද රචනය - යශෝධා අධිකාරි
සංගීතය - යසස් මැදගෙදර









