lan englan tam

පුවත්

නැවුම් සිනමා අත්දැකීමක් සමග “රැයක් හෝ පැයක්” ළඟදීම රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 වර්ෂය යනු ලාංකික සිනමාවට අලුත් බලාපොරොත්තුවක් සමග නැවුම් චිත්‍රපට රැසක් එක් වූ වසරකි.

ඒ අතරට එක්වන තවත් නවතම සිනමා නිර්මාණයක් වන " රැයක් හෝ පැයක් " ළඟදීම රිදී තිරයට එක්වන්නට සූදානම් බව නිවේදනය කොට තිබෙනවා.

ලාල් වීරසිංහ, චන්න පෙරේරා, දිලුක්ෂි වීරප්පෙරුම, නොෂින් ද සිල්වා, රජිත හිරාන්, කුමාර ජයකාන්ත සමගින් දකුණු ඉන්දීය රංගන ශිල්පීන් වන රුද්‍රා, සංජනා නයිදු, යෝගි රාම් ඇතුළු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගෙ දාරකත්වයෙන්, ඉන්දු ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙසයි "රැයක් හෝ පැයක් " තිරයට පැමිණෙන්නේ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ලාල් වීරසිංහ විසින්

නිෂ්පාදනය -ධනුෂි ප්‍රේමරත්න

කතාව , තිර රචනය සහ සම්බන්ධීකරණ අධ්‍යක්ෂණය - ආර්.කුලන්දායි යේසු

පසුබිම් සංගීතය - සජිත් ඇන්ඩසන්(ඉන්දීය ජාතික )/ සම්පත් ප්‍රනාන්දු

සටන් අධ්‍යක්ෂණය - එස්.ආර්. මුරුගන්

කැමරා අධ්‍යක්ෂණය - තංගයියා මාඩසාමි

සංස්කරණය - එල්.යූ.කේ.ඩොෂ්

ගී තනු නිර්මාණය සහ සංගීතය - එස්.එන් අරුණගිරි

ගී පද රචනය - සුනිල් ධර්මසිරි

ගීත ගායනය - නොයෙල් රාජ් පීරිස් , චම්පා කල්හාරි , නොෂින් ද සිල්වා

විධායක නිෂ්පාදනය - මංජුලා ද සිල්වා / නිශාන්ත ප්‍රදීප්

නිෂ්පාදන අධීක්ෂණය - හර්ෂ උඩකන්ද

 

ඉතින් නුදුරේදීම " රැයක් හෝ පැයක් " රිදී තිරයේ දැකගන්නට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව උදා වනු ඇති.

(තොරතුරු මූලාශ්‍රය - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු (Anton J.Fernando) ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>>>

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom