"ප්‍රේමයනම්","රූකඩ පැංචි"වැනි අපූර්ව සිනමා නිර්මාණ ඔබ වෙත ගෙන ආ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන දෙසොහොයුරන් විසින් අධ්‍යක්ෂණය කළ ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටය එළඹෙන වසරේ ජනවාරි 02 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.
පවුලක් වටා ගෙතෙන සංවේදී කතා තේමාවක් රැගත් මේ චිත්‍රපටයට රංගනයෙන් මාලනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, කුශේන්‍යා ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්ව තිබෙනවා.
අප අතරින් නික්ම ගිය අග්‍රගණය සිනමා නිළි මාලනි ෆොන්සේකා අවසන් වරට රගපෑ චිත්‍රපටයද මෙයයි.
චිත්‍රපටය නිෂ්පාදනය කළේ වෛද්‍ය ලක්ෂ්මන් මාකදුර සහ කුලරත්න ආරියවංශ විසින්.
චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>>









