lan englan tam

පුවත්

ලාල් වීරසිංහගේ “රැයක් හෝ පැයක්” ඔක්තෝබර් 30 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වලදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

90 දශකයේ සිනමාවට පැමිණ අදායම් වාර්තා තැබූ චිත්‍රපට රැසකට සිය රංගන කෞශල්‍ය එක්කළ ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පී ලාල් විරසිංහ අධ්‍යක්ෂණයෙන් සහ ප්‍රධාන චරිතයට පණ පොවණ “රැයක් හෝ පැයක්” චිත්‍රපටය,

එළඹෙන ඔක්තෝම්බර් 30 වනදා සිට දිවයින පුරා පිහිටි MPI මණ්ඩලයේ සිනමා ශලාවලදී තිරගත වීමට නියමිතයි.

ඉවසීමේ සීමාව ඉක්මවා අධික මානසික පීඩනයට ලක්වූ කළ, දාරක සෙනෙහස වෙනුවෙන් කාන්තාවකට කළ නොහැකි දෙයක් නොමැත. නොහික්මුණු සමාජයක වෙසෙන සෑම කාන්තාවක් විසින්ම නොවරදවා නැරඹිය යුතු ආදර්ශවත් කතා තේමාවක් මත නිර්මිත චිත්‍රපටයකි 'රැයක් හෝ පැයක්' චිත්‍රපටය.

 

 

ඉන්දු - ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වන මෙම චිත්‍රපටයට රංගනයෙන්  ලාල් වීරසිංහ ඇතුළුව චන්න පෙරේරා, දිලුක්ෂි වීරප්පෙරුම, නොෂින් ද සිල්වා, රජිත හිරාන්, කුමාර ජයකාන්ත සමඟින් දකුණු ඉන්දීය රංගන ශිල්පීන් වන රුද්‍රා, සංජනා නයිදු, යෝගී රාම් ඇතුළු ඉන්දු - ශ්‍රී ලාංකීය ජනප්‍රිය රංගන ශිල්පින් රැසක් එක්වෙනවා.

“රැයක් හෝ පැයක්” චිත්‍රපටය නිෂ්පාදන කළේ ධනුෂි ප්‍රේමරත්න විසින් වන අතර මෙය රිදී තිරයට එක්වන්නේ එල්. ඩබ්ලිව්. ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් ලෙසයි.

තොරතුරු  - ඇන්ටන් ජේ ප්‍රනාන්දු ( Anton.J.Fernando) විසිනි.

kemadasa

shungara

Back to top
Go to bottom