ප‍්‍රවීණ චිත‍්‍ර සහ මූර්ති කලා ශිල්පි, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය, හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ විශ‍්‍රාමික ආචාර්ය ආරියපාල ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එතුමන්ගේ දේහය අද (26) උදෑසන සිට හොරණ ධම්මරතන මාවතෙ( විද්‍යාරතනය පිටුපස ) පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.
(27) වන සඳුදා දින පස්වරුවේ සිදු කෙරෙන අවසන් බුහුමන් දැක්වීම හා ආගමික වතාවත් වලින් අනතුරුව දේහය අදාහනය කිරීමට කටයුතු කරනු ඇති.
මතු දැක්වෙන්නේ දෘශ්‍ය කලා ශිල්පී සුජිත් රත්නායක විසින් ආරියපාල ගමගේ මහතාගේ නික්ම යාම පිළිබඳ තබා තිබූ සටහනක්.
( උපුටා ගැනීම)
ප්රතාපවත් ගුරුවරයෙකුගේ නික්ම යෑම.
කලා ගුරුවරයෙකුගේ තිබෙන විශේෂත්වය කලාකරුවකු හැටියට තමන්ට බැබලීමට තියෙන පරමානන්දය කැප කොට එය අනෙකාගේ බැබලීම පිණිස අත්පොත් තැබීමය. එවක සෞන්දර්ය අධ්යයන ආයතනයට චිත්ර- මූර්ති හැදෑරීම සඳහා වැඩිම සිසුන් ප්රමාණයක් ඇතුළු වූයේ කලුතර දිස්ත්රික්කයෙනි. ඉනුත් හොරණ කලාපයෙනි. චිත්ර කලා අධ්යාපනයෙහිලා හොරණ කවුරුත් දන්නා චිත්ර කලා ගුරුවරයා වූයේ ආරියපාල ගමගේ ය.
ආරියපාල ගමගේ චිත්ර කලා අධ්යාපනය තුළ එක්තරා උප සංස්කෘතික කේන්ද්රයකි. තමන් ඉගෙන ගත්තේ ආරියපාල සර්ගෙන් ය කීම අභිමානයට තරම් ද හේතු විය. මේ ආරියපාල ගමගේ විවිධ තරා තිරම් වල සිසුන් අතර කේවල බලයකින් හෙබි කැරිස්මැටික් අමුතුම චරිතයකි. සරසවි වරම් නොලැබුවද ඕනෑම අයකුට දෙකකුලෙන් හිටගෙන චිත්ර මූර්ති කලා කෙත තුල සිය පෞරුෂය සහිතව හිට ගැනීමට සහ වෘත්තීමයභාවය පෙන්වීමට අවශ්ය චිත්ර මූර්ති කලාවේ මූලධර්ම, ශිල්ප විධි, දෘෂ්ය කලා සමාජයේ හැටි ඔහු විසින් නිර්ලෝභීව උගන්වනු ලැබීය.
ජගත් වීරසිංහ විසින් අනූවේ ප්රවණතාව නමින් පුරා විද්යාව, කලා ඉතිහාසය, කියුරේටින් , කථිකාචාර්ය ධූරය යන ඒවා අවභාවිත කරමින් කෘත්රිම ලෙස පිහිටවනු ලැබූ ප්රවණතාවය සුජාතකරණයට යොදා ගනු ලැබූ ප්රමුඛ කැරිස්මැටික් සාමාජිකයා වන සරත් කුමාරසිරිද ආරියපාල ගමගේ ගේ ශිෂ්යයෙකි. එම ප්රවණතාවයේ පසු ප්රාප්තික බන්ධු මනම්පේරි ද ආරියපාල ගමගේ ගේ ශිෂ්යයෙකි. වීරසිංහ ඌරගෙ මාලු ඌරගෙ පිට උඩ තබා කැපීමට සිසුන් හැටියට යොදාගත් ප්රතිපක්ෂ සෞන්දර්ය ප්රතිෂ්ඨාපන ෆිසිකල් ගුරුකුලය ආරියපාල ගුරුකුලය ය. ආරියපාල ගමගේ ගෙ පුත්රයකු නවක වියේදී සෞන්දර්ය කලා විශ්ව විද්යාලයයේ නොබියව නවක වදය ප්රතික්ෂේප කල අතර ඔහුගේ ශිෂ්ය කාලය අවසන් වන තුරුම එහි ආදීනව සෞන්දර්ය කලා විශ්වවිද්යාලයයේ ජ්යේෂ්ඨ සිසුන්ගේ සංවිධානාත්මක නොසළකා හැරීමට ලක් වීමට සිදු විය. මේ ආරියපාල ගමගේ සෙවණේ ආභාසයයේ විවිධ පැති ය.
සුබ ගමන් සර්.
(උපුටා ගැනීම අවසන්)
(මෙම සටහන 'Sujith Rathnayake' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)
-
-
-
-