'Drishyam 2' මලායාලම් චිත්‍රපටයේ නිල සිංහල ප්‍රතිනිර්මාණයක් ලෙස නිර්මාණය වූ “ධර්ම යුද්ධය 2” සිනමා පටය 2026 වර්ෂයේ ජනවාරි 23 වනදා සිට නිකුත් වන බව නිවේදනය කොට තිබෙනවා.
ඒ අනුව අද (11) දිනයේදී “ධර්ම යුද්ධය 2” චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයද අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා.
ධර්මයුද්ධය 2 සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධනයි. චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා විසින් වන අතර කැමරා අධ්‍යක්ෂක වරයා ලෙස චන්න දේශප්‍රිය කටයුතු කළා.
මීට පෙර ධර්මයුද්ධය පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ජැක්සන් ඇන්තනී නිරෑපණය කළ ‘හරිශ්චන්ද්‍ර’ ගේ චරිතය මෙම දෙවන චිත්‍රපටයේ නිරූපණය කරන්නේ බිමල් ජයකොඩි විසින්.
ඊට අමතරව මුල් චිත්‍රපටයේ රඟ පෑ නළු නිළියන් සමඟ නව මුහුණු කිහිපයක්ද එක්වී තිබෙනවා.
සනත් ගුණතිලක , බුද්ධදාස විතානාච්චි , දිල්හානි අශෝකමාලා , තිසුරි යුවනිකා , විනුමි වන්සදී , කුසුම් රේණූ , ඩග්ලස් රණසිංහ , කුමාර තිරිමාදුර , අශාන් ඩයස් , දිනක්ෂි ප්‍රියසාද් , කළණ ගුණසේකර.. ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
ධර්ම යුද්ධය දෙවන චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ???????? ????? ??????? ආයතනයයි.
මීට පෙර 2017 වර්ෂයේ තිරගත වූ "ධර්මයුද්ධය පළමු චිත්‍රපටය ද මෙරට බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට සමත් වූ චිත්‍රපටයක් බවට පත් උනා.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>>









