ලාංකීය සිනමා ලෝලීන් මහත් උද්‍යෝගයෙන් බලා සිටින සිනමා නිර්මාණයක් වන චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ “Father - ෆාදර්” සිංහල චිත්‍රපටය ජනවාරි 09 වනදා සිට දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීම් ආරම්භ වෙනවා.
1970 සිට 1990 දක්වා කාලසීමාව තුළ මෙරට සිදුවූ සුවිශේෂී සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත. දශක තුනක සමාජ, දේශපාලනික සහ පුද්ගල අත්දැකීම් ගොනු කරමින් නිර්මාණය වූ මෙම කතාව, ප්‍රේක්ෂකයාට අමුතුම අත්දැකීමක් වනු ඇති බවට විචාරකයෝ මත පළ කරති.
මෙම නිර්මාණය තවත් සුවිශේෂී වන්නේ මෙරට සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දක්ෂතම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එකම තිරයකදී දැකගත හැකි වීමයි.
සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි. පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න සහ සේවියර් කණිෂ්ක... ඇතුළු පිරිසක් මීට දායක වෙති.
EMIKA PRODUCTION වෙනුවෙන් ශාන්ත ගීතදේව විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනය චාමර කොඩිතුවක්කු ගෙනි. සත්‍ය සිදුවීම් පදනම් කරගත් කතා තේමාවකට ප්‍රබල සිනමාමය රූප රාමු එක් කිරීමට අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය ඇතුළු කණ්ඩායම කැප වී ඇත.
එළඹෙන ජනවාරි 09 වනදා සිට ප්‍රේක්ෂක ඔබ සැමට ළඟම සිනමා ශාලාවේදී “Father - ෆාදර්” නරඹන්නට එක් විය හැකියි.
පූර්ව ප්‍රචාරක පටය පහළින්>>>
Theleader.lk









