ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් වන ද්‍රිශ්‍යම් (Drishyam) චිත්‍රපට මාලාවේ තෙවන කොටස එළබෙන අප්‍රේල් මස 02 වන දින සිට ලොව පුරා තිර ගත වීමට නියමිත බව නිවේදනය කොට තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී මොහාන්ලාල් විසින් මෙම පුවත තහවුරු කරමින් සිය X ගිණුම හරහා ආකර්ශනීය පෝස්ටරයක් ද නිකුත් කර තිබූ අතර,
එහි "වසර ගණනාවක් ගත විය, නමුත් අතීතය එළෙසමයි” (Years passed. The past didn't) යනුවෙන් පාඨයක් ද ඇතුළත් කර තිබුණි.
ජීතු ජෝසප් විසින් අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ රංගන ශිල්පී මොහාන්ලාල් විසින් “ජෝර්ජ්කුට්ටි” ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම (Drishyam) චිත්‍රපට මාලාව ඉන්දියාව ඇතුළු ලොව පුරාම අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර, චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයන් රැසක් විවිධ භාෂා වලින් නිර්මාණය විය.
දෘශ්‍යම් පළමු සහ දෙවන කොටස් ඉන්දියානු සිනමාවේ 'ත්‍රාසජනක' (Thriller) ගණයේ චිත්‍රපට සඳහා නව මානයක් එක් කළ අතර, තුන්වන කොටස පළමු චිත්‍රපටයේ මෙන් වැඩි හැඟීම්බර (Emotional) පසුබිමක දිග හැරෙනු ඇති බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.
(Drishyam) චිත්‍රපට මාලාවේ 2 වන කොටසේ නිල සිංහල ප්‍රතිනිර්මාණය ද එළඹෙන ජනවාරී 23 වනදා සිට ලංකාව පුරා සිනමා ශලා වලදී තිරගත වීමට නියමිතව තිබීමද විශේෂත්වයක්.
Drishyam 3 පූර්ව ප්‍රචාරක පටය නරඹන්න >> click here









