lan englan tam

පුවත්

ආදරයේ විඩාගිනි නිවන්නට ‘Hunger’ අද නෙළුම් පොකුණට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ එළිමහන් සංගීත ප්‍රසංග කලාව නව මානයකට රැගෙන යමින්, වසරේ දැවැන්තම සහ සුවිශේෂීම සංගීත අත්දැකීමක් වන ‘Hunger’ ප්‍රසංගය අද (14) සවස 6.30 සිට, නෙළුම් පොකුණ රඟහලේ එළිමහන් වේදිකාවේ දී ආරම්භ වන්නට සියළු කටයුතු සූදානම් කර ඇත.

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සුරේෂ් මාලියද්ද ගේ මෙහෙයවීමෙන් ලංකාවේ ප්‍රථම වරට 40 දෙනෙකුගෙන් යුත් වාද්‍ය වෘන්දයක් (40 pieces orchestra) සමඟින්,

ලංකාවේ ප්‍රධානතම හඬ පෞරුෂයන් හතක් වන; රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ, චිත්‍රාල් සෝමපාල, උමාරියා සිංහවංශ, නදීක ජයවර්ධන සහ කුෂානි සඳරේඛා මෙදින ප්‍රසංගයේදී ගීතවත් වන්නට නියමිතයි.

 

WhatsApp Image 2026 02 06 at 11.11.02 AM

 

ප්‍රසංගය සදහා එක්වන කලාකරුවන් කිහිපදෙනෙක් මෙසේ අදහස් පළ කළහ.

 මේ ‘Hunger’ ප්‍රසංගය  සදහා එක්වන කසුන් කල්හාර>>

“කාලයක් තිස්සේ හොඳ music ටිකක් අහන්න බැරුව හිටපු හැමෝටම මේක ඉතාම හොඳ අවස්ථාවක් වෙයි. මේ Concert එක ඇතුළේ තියෙන යටි අරුත මම ටිකක් පැහැදිලි කරන්නම්. මේ ප්‍රසංගයට ‘Hunger’  කියලා නම දාන්නම හේතුව තමයි love, lust කියන කාරණා ටික. ඒ කියන්නේ අපි බොහෝම රහ කෑමක් කන කොට තියෙන හැඟීමම ඒ music ඇහෙද්දි එන්න ඕනෙ. මේ ප්‍රසංගය පුරාම අපි බලාපොරොත්තු වෙන්නේ Symphonic sound එකක් ගේන්න. ඇවිල්ලා බලමු එදාට මොකද වෙන්නේ කියලා.”

 

මේ ‘Hunger’ ප්‍රසංගය සදහා එක්වන උමාරියා සිංහවංශ>>

“ලංකාවේ මේ වෙන කොට ආත්මයට කතා කෙරෙන Concert කෙරෙනවා ගොඩක් අඩුයි. මේක 40 pieces orchestra එකක් එක්ක කෙරෙන වෙනම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් Concert එකක්. අද කාලේ ගොඩක් ප්‍රසංග වෙන්නේ කකුල් දෙකට. නමුත් මේ ප්‍රසංගය ඔබේ අත්මයට. එදාට ලංකාවේ talent එක මොකක්ද කියලා හොඳටම දැනෙන දවසක්. ඉතින් පෙබරවාරි 14 වෙනිදා  නෙළුම්පොකුණේ දී අපි හමුවෙමු.”

 

මේ ‘Hunger’ ප්‍රසංගය  සදහා එක්වන චිත්‍රාල් සෝමපාල>>

"යුරෝපයේ මම perform කරලා තියෙන විදිහට Philharmonic Orchestra, Symphony orchestra, chamber orchestra.. ඒ  feel එකම මෙදාට එනවා කියලා තමයි මට දැන් මෙතන දැනෙන්නේ. hunger කියන එකේ තේරුම ඇවිල්ලා ‘you are hungry for music’. මේක විශේෂ ප්‍රසංගයක්."

ඉතින් ,අද දිනයේදී මේ සුවිශේෂී ප්‍රසංගය සමග එක්වෙමින් අමතක නොවන සංගීත අත්දැකීමක අශ්වාදය විද ගන්නට ආදරණීයයන් සමග ඔබත් එන්න.

ඔබේ සුවපහසු අසුන වෙන් කර ගැනීමට පහත සබැඳියට පිවිසෙන්න>>

mytickets.lk

ප්‍රවේශපත්‍ර එදින දොරටුවෙන්ද ලබා ගත හැක.

 

633296558 1516653880465665 576595277709595920 n

kemadasa

shungara

Back to top
Go to bottom