"රෙඩ්ෆෙලෝ" පවුලේ හත් දෙනෙක් විශාල මන්දිරවල වයින් බොම්න්, හැම් බේකන් කමින් සැප විඳිම්න් ඉද්දි "බෙකට් රෙඩ්ෆෙලෝ" පොඩ් ගෙදරක දුක් විඳිමින් හිටියා. තමන්ගේ අම්මගේ උරුමය වෙනුවෙන් රෙඩ්ෆෙලෝ පවුලේ අතු රිකිළි එකින් එක කපලා දාන්න තීරණය කරන්න බෙකට් රෙඩ්ෆෙලෝට සිද්ධ වෙන්නේ ඇයි? කියන ප්‍රශ්නයට පිළිතුර විතරක් නෙමෙයි මේ ව්ශාල අවුලට හේතුව මොකක්ද? කියලා "How to make a killing" චිත්‍රපටය බැලුවොත් හොයාගන්න පුලුවන්.
"How to make a killing" චිත්‍රපටය බලන්න ප්‍රධාන හේතුව වෙන්නේ "ජෝන් ෆෝඩ්" අධ්යක්ෂවරයා. ඔහුගේ කුළුදුල් චිත්‍රපටය වන 2022 තිරගත කරපු "Emily the criminal" කියන්නේ මම ආස චිත්‍රපටයක්. මේ ජෝන් අධ්‍යක්ෂණය කරපු දෙවැනි චිත්‍රපටය තමයි ""How to make a killing" කියන්නේ.
ෆෝඩ් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපට දෙක ඇතුළේ තියෙන පොදු ලක්ෂණය තමයි, පන්තිය (Class) සහ කෙනෙකු තම ජීවිතය වැඩිදියුණු කිරීමට කොපමණ මුදලක් වැය කරනවද? කියන කාරණා දෙක ගැන. යමිකිසි කෙනෙකුගේ බඩගින්න සමහර විට තෘප්තිමත් කරන්න බැහැ. එහෙම තෘප්තිමත් නොවුනාම ඒ හා සමාන කෑදරකමට ගොදුරුවෙන එක වළක්වන්න බැහැ.
මම මේ චිත්‍රපටයේ හරිම ආස තිර පිටපත සහ දෙබස්වලට. මෙහෙම කියවෙනවා.
"ඔයාට හරිම විදියේ ජීවිතයක් ලැබෙන තුරු ඔයා අත් නොහරින බවට මට පොරොන්දු වෙන්න" බෙකට් රෙඩිෆෙලෝගේ අම්මා කියන ඒ වටින වචන ටික තිර පිටපතේ ලියවිලා තිබුණා.
ඒ වගේම බෙක්ට්ගේ සීයා කියන වචන ටිකත් හරිම වැදගත්.
"ජීවිතයේදී අපිට ඇත්තටම රිද්දන්න පුලුවන් එකම දේ...අපේම හෘද සාක්ෂියෙන් ඇහෙන ඒ හඬ විතරයි. හරි වැරැද්ද ගැන අපිටම කියලා දේ ඒ හඬ තමයි හෘද සාක්ෂිය..."
"How to make a killing" චිත්‍රපටයේ අපි දකින්නේ වට්ටෝරුගත කතාවක්. සාමාන්‍යයෙන් මීට කලින් අපි අඩු වැඩි වශයෙන් වෙනත් චිත්‍රපටවල දැකපු කතාවක්.
හැබැයි චිත්‍රපටය වෙනස් වෙන්නේ "Roy Horniman" කියන බ්‍රිතාන්‍ය නවකතාකරු විසින් ලියපු "Israel Rank: The Autobiography of a Criminalby" කෘතිය පාදක කරගෙන නිර්මාණය වීම. ප්‍රධාන නළුවා තමයි "ග්ලේන් පවෙල්". ග්ලේන් කියන්නේ වර්තමානයේ හොලිවුඩ් සිනමාවේ ඉන්න ආකර්ෂණීය නළුවෙක්. ඔහු මෑතභාගයේ රඟපෑ "හිට් මෑන්" සහ "රනින් මෑන්" චිත්‍රපට දෙක හරහා ක්‍රියාදාම පන්නයේ ඝාතකයාගේ භූමිකාව පණපොවන්න සමත් වුණා. "How to make a killing" කියන්නේ ඒ චිත්‍රපට දෙක ඇතුළේ රංගනමය දිගුවක් විදියටත් හඳුන්වන්න පුලුවන්. ඔහු මේ චිත්‍රපටයේ "බෙකට් රෙඩ්ෆෙලෝ" චරිතය සිත්ගන්නා විදියට රඟ දක්වනවා. 2026 වසරට අදාළව බලපු හෙඳ "black comedy thriller" ශානරයේ චිත්‍රපටයක් විදියට නරඹන්නට නිර්දේශ කළ හැකියි.
-මලින්ත විතානගේ-









