අද දවසේ සමාජ මාධ්‍යයේ නිතරම දකින සංසන්දනයක් තමයි "කවුද වඩා ලස්සන? උමාලි ද? දිනක්ෂි ද?" කියන එක. ඇත්තටම මට හැඟෙන්නේ, ඔවුන් දෙදෙනාම එකම විදියට ලස්සනයි වගේම, රංගනයෙන් ඉතාම දක්ශයි කියන එකයි.
ඔවුන්ගේ දක්ශතාවය, ඔවුන් ක්ෂේත්රය තුළ තැබූ මුද්‍රාව අවුරුදු ගානක් ගියාට පස්සේ අදට වඩා අගය කරනු ඇතැයි මට විශ්වාසයි. නමුත්, මගේ පේජ් එකේ පළ වූ පෝස්ට් කිහිපයක කමෙන්ට් බලද්දී මට ඇතිවුණේ ලොකු කණගාටුවක්.
ඇයි අපි ඔවුන්ට "වෙන් වෙන්ව" මෙතරම් දොස් කියන්නේ?
සාරංග එක වැඩසටහනකදී (මම හිතන්නේ 'සාරංග ට උමාලි ට ලොකු රසික ජනතාවක් හිටියා' කියන එක ගැන) කිව්වා ඔවුන්ගේ වෙන්වීම රසිකයන්ට දරාගන්න බැරිවුණා කියලා. ඒක ඇත්තක් විය හැකියි. නමුත්, ඒ වේදනාව ඔවුන්ගේ වර්තමාන ජීවිතවලට බලපෑම් කිරීමට ඉඩ දීම සාධාරණද?
මගේ පේජ් එකේ පෝස්ට්වල කමෙන්ට් බලද්දී මම දැක්කේ පුදුම දෙයක්. කිසිම කෙනෙක් සාරංගට බැනලා තිබුනේ නැහැ. හැමෝම බැනලා තිබුනේ දිනක්ෂිට! හරියට ඇය සාරංගට බලෙන් තර්ජනයක් දාලා බැඳගත්තා වගේ පින්තූරයක් තමයි ඒ කමෙන්ට්වලින් මතු වුණේ. මේක කොතරම් අසාධාරණද? ඔවුන්ගේ ජීවිත තීරණ, ඔවුන්ගේ පෞද්ගලික එකඟතාවයන් මත සිදුවූ දේවල්. ඒවට ඇයව පමණක් ඉලක්ක කර දොස් පැවරීම කොතරම් මානුෂීයද?
තව තැනක මම දැක්කා උමාලි ස්ටේජ් එකට නැග්ගත් සාරංග ට බැනුම් අහන්න වෙනවා කියලා. මේ තරම් දුරකට මේ පුද්ගලික ප්‍රශ්න ගෙනියන්නේ ඇයි?
ඔවුන් තුන්දෙනාම (උමාලි, සාරංග, දිනක්ෂි) අද තමන්ගේ පෞද්ගලික ජීවිත සාමකාමීව ගෙනයනවා. රසිකයන් විදියට අපිට තියෙන අයිතිය ඔවුන්ගේ කලාව අගය කිරීම පමණයි. ඔවුන්ගේ අතීතය, පෞද්ගලික තීරණ සහ පවුල් ජීවිතවලට ඇඟිලි ගැසීම, ඔවුන්ගේ සිත රිදවීම රසිකත්වයට ගෞරවයක් නෙවෙයි.
ඇයි අපිට බැරි ඔවුන් දෙදෙනාගේම දක්ෂතාවය අගය කරන්න?
උමාලි: ඇයගේ නිසඟ දක්ෂතාවය, රංගනයේ ගැඹුර.
දිනක්ෂි: ඇයගේ සිනහව, රංගනයේ දක්ශතාවය.
ඔවුන් දෙදෙනාම අපේ කලාවට සම්පතක්. එකිනෙකාට සංසන්දනය කර දොස් පවරනවා වෙනුවට, ඔවුන්ගේ කලාවට ආදරය කරමු, ගෞරව කරමු!
උපුටා ගැනීම ටෙලි ලන්තය









