ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ වෙස් ගෙන රූගත කිරීමකට සැරසීමට සූදානම්ව සිටි පුද්ගලයකු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ නාන කාමරයක් තුළ හදිසියේ ඇද වැටීමෙන් අනතුරුව මියගොස් ඇතැයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ මාතලේ කළුදෑවල රත්තොට පාර පදිංචිව සිටි අලගර් කරප්පු සාමි (52) නමැති අවිවාහක පුද්ගලයෙකි.
ඉන්දියාවේ සුපිරි නළු නිළි දෙපළක් වන සරවනන් සිවකුමාර් හෙවත් සූර්යා හා ට්‍රිෂා ක්‍රිෂ්ණන් ගේ සහභාගිත්වයෙන් ඊයේ (21 වැනිදා) පස්වරු 2.30 ට පමණ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ඉන්දියාවේ පාර්ලිමේන්තු මණ්ඩලය නියෝජනය කරන චිත්‍රපට රූගත කිරීමක් පැවැත්වීමට පිරිසක් ඒ සඳහා දහවල් 12.30 ට පමණ සැරසීමට සූදානම්ව සිට ඇතැයිද පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අතරතුරදී අලගර් කරප්පු සාමි නමැත්තා නාන කාමරය වෙතගොස් සිටියදී හදිසියේ ඇද වැටී ඇති අතර සිහි විසඥව එම පුද්ගලයාව එහි සිටි පිරිස කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
(aruna | බිමල් ජයසිංහ)









