lan englan tam

පුවත්

මිනිස් ආදරය මැද සම්මානය අත්හැරීමට තරම් පොහොසත් වූ "චාමර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
සැබෑ කලාකරුවෙකුගේ වටිනාකම මැනිය හැක්කේ ඔහුට ලැබෙන සම්මාන ප්රමාණයෙන් නොව, ඔහු තුළ ඇති නිහතමානීත්වයෙනි. ජනප්රිය ගායක චාමර වීරසිංහයන් පසුගියදා මාධ්ය වෙත දැක්වූ අදහස් පෙළක් හරහා එම ගුණය මැනවින් විදහා පෑවේය.
තමන්ට ලැබෙන ජනප්රියම සම්මානය අඛණ්ඩව තමන් සතු කර ගැනීමට වඩා, ක්ෂේත්රයේ තවත් කලාකරුවෙකු දිරිමත් කිරීම උතුම් කොට සැලකූ ඔහු, මීළඟ වතාවේදීත් තමන් එම සම්මානයට තේරී පත් වුවහොත් එය දෙවැනියාට සිටින දක්ෂයාට ලබා දීමට කැමති බව ප්රකාශ කළේය.
 
"මිනිසුන්ගේ ආදරය මට හැමදාම තියෙනවා... නමුත් සම්මානයක් කියන්නේ කලාකරුවෙකුට ලොකු හයියක්," යනුවෙන් ඔහු පැවසූ වදන් තුළ ඇත්තේ අසමසම පරිත්යාගශීලී බවකි. තමන් සම්මානවලින් තෘප්තිමත් වී ඇති බවත්, එම "හයිය" තවත් කෙනෙකුට ලබා දීමට ඔහු තුළ ඇති කැමැත්තත් අගය කළ යුතුය.
 
තනතුරු සහ සම්මාන වෙනුවෙන් තරඟ වදින ලෝකයක, ජනප්රියත්වයේ ඉහළම තලයක සිටිමින් තවත් අයෙකුට ඉඩ ලබා දීමට තරම් විශාල හදවතක් ඇති චාමර වීරසිංහයන් සැබවින්ම ආදර්ශමත් මිනිසෙකි.
සම්මානවලටත් වඩා වටින්නේ ඔබ සතු ඒ අසමසම නිහතමානීත්වයයි!
 
උපුටා ගැනුම ටෙලි ලන්තය

kemadasa

shungara

Back to top
Go to bottom