පොල්ගහවෙල Horizon සංගීත ප්රසංගයේදී අප දුටුවේ ගායිකාවකට එහා ගිය සැබෑ මනුස්සකමක් පිරි උතුම් ගැහැනියකි. රාත්රී 12.45 වන විට පොලිස් නියෝග මත ප්රසංගය නතර කිරීමට සිදු වූ මොහොතේ, තමන්ට ගීතයක් ගැයීමට අවස්ථාව නොලැබුණත් නීතියට ගරු කරමින් ඇය වේදිකාවෙන් බැස ගියාය.
නමුත් එහිදී වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වූයේ, සංවිධායක මණ්ඩලය ඇයට ගෙවිය යුතු මුදල ලබා දීමට උත්සාහ කළ අවස්ථාවේදීය. **"මම සිංදු කිව්වේ නැහැනේ, ඒ නිසා මට සල්ලි එපා"** යැයි පවසමින්, දෑසට කඳුළු පුරවාගෙන ඇය එම මුදල් ප්රතික්ෂේප කළේ අද වැනි මුදලටම වහල් වූ ලෝකයක සැබෑ කලාකාරියකගේ අභිමානය පෙන්වමිනි.
කලාව යනු මුදලට පමණක් සීමා වූ දෙයක් නොවන බවත්, අවංකකම සහ මනුස්සකම සියල්ලටම වඩා ඉහළින් පවතින බවත් ඇය අද ක්රියාවෙන් ඔප්පු කර හමාරය."
ප්රසංගය සංවිධානය කළ එම නිහතමානී සංවිධායක මණ්ඩලයටත්, වේදිකාවේ දිලෙන තරුවක් වූ **කේ. සුජීවා** මහත්මියටත් අපගේ ප්රණාමය! ඔබ වැනි කලාකරුවන් දේශයටම ආදර්ශයකි
උපුටා ගැනීම ටෙලි ලන්තය









