lan englan tam

පුවත්

මාලිනී ෆොන්සේකා උඩ යන හැටි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
මාලිනී ෆොන්සේකාගේ ජිවිතය ඇසුරින් නිර්මාණය කරනවා යැයි පැවසෙන චිත්රපටයක මුහුරත්. උළෙලකින් පසු Facebook තුළ විවිධ අය විවිධ සටහන් තබමින් ඉන්නවා.

 එහි වැඩි පිරිසක් මේ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දක්වන්නෙ දැඩි අකමැත්තක් සහ විරෝධයක්.

මුහුරත් උළෙලේ නඵ නිළි වරණයෙන් පසු එය වඩාත් උග්ර වූයේ ගාමිණී ෆොන්සේකා මහතාගෙ පුත්රයා දුරජථනයෙන් කළ කතා බහක් අවසරයක් ගෙන මොවිදු ෆොන්සේකා විසින් ෆේස්බුක් වෙත යොමු කිරීමත් සමගයි. රංගනශිල්පිනී ඇන්ජෙලා සෙනෙවිරත්න මහත්මිය විසින් ද ගාමිණී. සම්බන්ධ කාරණය මූලික කොටගෙන ඇයගේ විරෝධය සහ අකමැත්ත ප්රකාශ කොට තිබුනා.
 
ජයන්ත ධර්මදාස සිනෙස්ටාර් පදනම පිහිටෙවුවෙ 2003 මාලිනී ට තිබ්බ උපහාර උළෙලකින් පසුවයි.ඉන්පසු රිදී රැයක් නමින් නඵනිළියන් ගේ ප්රශංගයක් පවත්වමින් කලාකරු සුබ සාධන වැඩ පිළිවෙලක් ක්රියාත්මක කළා.
ජයන්ත ධර්මදාස ටික කාලයක් ජාතික චිත්රපට සංස්තාවෙ සභාපති ලෙසත් කටයුතු කළා.
 
ඒ ජයන්ත ධර්මදාස මුහුරත් උළෙලේදී පවසනවා කවුරු මොනවා කිව්වත් එයා මේ ෆිල්ම් එක කරනවා.මාලිනී අක්කා ජීවත් වෙලා ඉන්නද්දි දවසක් කිවුවා කියලා මගේ ගැන චිත්රපටයක් කරන්නෙ නැහැනෙ කියලා. ඒ ගැන හිතලා චිත්රපටයක් කරන්න තීරණය ජළ බවත් එහි ප්රකාශ කරනවා.
 
ඒ වගේම ඔහු කියනවා සමාජ මාධ්ය තුළින් එන විරෝධය හොදයි ඒ තුළින් නවලෝක රෝගලේ නම ප්රසිද්ධ වෙනවා කියලා.බළලා මල්ලෙන් එළියට පැන්නා කියලා කාටහරි තේරෙන්න ඇති.
ඔහුගේ යටි අරමුණ ඉතා පැහැදිළියි.
 
ඔහු හිතුවක්කාර කමින්, කිසිවෙකුගෙන් කැමැත්තක් නොවිමසමින් මේ කරනු ලබන්නේ අතිශය අත්තනෝමතික ක්රියාවක්.මාලිනී අසනීප වූ අවස්ථාවල ඔහුගේ රෝහලින් ප්රතිකාර ලබන්න ඇති. ඇයට උපකාර කරන්න ඇති.
මාලිනී අක්කා සමග යාලු මිත්රකම් පවත්වන්න ඇති.
 
අවමගුල් කටයුතු සදහා උදව් කරන්න ඇති, ඒ සේරම කරලා පවුලේ අයගෙන් කැමැත්තවත් නොඅසා ජයන්තට ඕනෙ ආකාරයෙන් රැජින නමින් චිත්රපටයක් කිරීමේ මූලික අරමුණ මාලිනී ට තිබුන ආදරය ක්, ගෞරවයක් නොව,මුදල් ඉපැයීම, ව්යාපාරයේ ජනප්රියත්වය ඉහළ නංවා ගැනීමේ යටි අරමුණින් ක්රියා කිරීමයි.
 
දැනගන්නට ලැබෙන පරිදි චිත්රපට පිටපත ලියා නිමකර නැතැයි පවසන මෙම චිත්රපටයේ මාලිනී ගේ ජීවිතයේ ගාමිනී, විජය, රවීන්ද්ර, සනත්, ලකී, චන්දික.... මේ නම් තුළින් පැහැදිළි වන්නේ කුමක් ද?මාලිනී ගේ ජීවිතයේ ගැඹුර, රංගන පරිචය, මාලිනීගේ මනුෂ්ය පරිචය... මේ කිසිවක් ඒ තුළ වේද? ජයන්ත වටා නඵ නිළියන් බොහොමයකි.ඒ සිනෙස්ටාර් පදනම සහ රෝහල් පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඇති හෙයිනි.
නඵ නිළියන් ඇතුලු පිරිස ගිරේට අහුවුන පුවක් වාගේය.
 
මාලිනී ෆොන්සේකා ගේ නම, ජීවිතය, ජීවිත කතාව මංකොල්ල කන්නේ ඒ නිසාය.
මාලිනී ෆොන්සේකා ජීවතුන් අතර නැත. ඇය ජීවත්ව සිටියදී කිවුවා, ඇහුවා, කියා මිය යාමෙන් පසු කියන කරන කතා වලංගු නැත.
එහෙත් තනි පුද්ගලයෙකුගේ වහසි බස් හමුවේ ෆොන්සේකා පරම්පරාවම පසු බැස ඇති හැටියකි.
අපි අපේ හිතේ ඇති දෑ අකුරු කරමින් ඉමු.
 
මාලිනී මළවුන්ගෙන් යළි නොපැමිණෙයි.
මළවුන් ගෙන්වා කතා කරනවුන් ලවා හෙට අනිද්දා වනවිට වීඩියෝ පට දකින්නට නොලැබුනොත් පුදුම නොවන්න.
අපි බලං ඉමු.
 
 
උපුටා ගැනීම මනෝහාරී හේවාවසම්ගේ ෆේස්බුක් පිටුවෙන්

kemadasa

shungara

Back to top
Go to bottom