සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ 'රතී' චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත් විය. සරත් ධර්මසිරි තිර රචනා කළ 'රතී' චිත්‍රපටය නිෂ්පාදනය කළේ ශ්‍රීමාල් සොයිසා විසිනි. චමීර ලියනගේ සමගින් ඩිස්නි රාජපක්ෂ සහ කසුනි කාවින්දි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර චාන්දනී සෙනවිරත්න, රොජර් සෙනවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, ගීතා කාන්ති ජයකොඩි ඇතුලු තවත් දක්ෂ ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායකවේ. ධනවත් රදළ පවුලක අතිශය රූමත් තරුණියකට සිය කුඩා කාලයේදීම තම දෙමාපියන් අහිමිවී මිත්තණියගේ නිවසේ ජීවත්වන අතර මුහුණු පොතින් හඳුනාගත් පුදගලයෙකු සමග පැන යන අතර ඒ වටා මෙම චිත්‍රපටය කතාව දිග හැරේ. ලිංගිකත්වය, සමාජය, ප්‍රේමය මෙම චිත්‍රපටය තුළින් ඉතා ගැඹුරි කතා කරන අතර සමාජය පිළිනොගන්නා අසම්මත යැයි පවසන සමබන්ධතා ගැන ද මෙම චිත්‍රපටයෙන් කතා කරනු ඇත.
සුදේශ් වසන්ත පීරිස්ගේ 'රතී' චිත්‍රපටය ද ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.









