ගයාන් ගුණවර්ධන තමන්ගේ ආදරණීය තාත්තා (නුවන් ගුණවර්ධන මහතා) වෙනුවෙන් තබපු මේ සටහන කියවන ඕනෑම කෙනෙක්ගේ ඇසට කඳුළක් උනන තරම් සංවේදියි.
කොච්චර කාලයක් ගියත්, කොච්චර ශක්තිමත් වුණත් මට තාමත් ඔයාව ඕනේ..
මේ වචන ටික ඇතුළේ තියෙන්නේ පුතෙක් තාත්තා කෙනෙක්ට දක්වන අසීමිත ගෞරවය සහ ආදරය විතරක් නෙවෙයි, පියෙකුගේ අඩුව කවදාවත් පුරවන්න බැරි බවයි. ගයාන්, ඔබ ඔබේ පියාගේ උරුමය ගායනයෙන් වගේම මේ වගේ උතුම් ගුණාංගවලිනුත් ඉදිරියටම අරන් යනවා දැකීම සතුටක්.
තමන්ගේ මවුපියන්ට ආදරය කරන, ඔවුන්ව මේ විදිහට අගය කරන ගයාන් වැනි දරුවන් අද කාලයට ලොකු ආදර්ශයක්
සුබ උපන්දිනයක් වේවා නුවන් ගුණවර්ධන මහතාණෙනි ඔබ අපේ හදවත් තුළ සදා අමරණීයයි.









