සමහරු ඉරිසියාවට එක එක කතා කිව්වා. තවත් පිරිසක් මේ ආදරණීය බැඳීම දෙස බලා හිනා වුණා.
ඔවුන්ගේ සතුට රඟපෑමක් කියලා ලේබල් ගහපු අයත් අඩුවක් වුණේ නැහැ. ඒත් දිනක්ශී සහ සාරංග කියන්නේ ඕනෑම කෙනෙකුගේ හදවතේ රැඳෙන, කාටවත්ම අමතක නොවන අතිශය සුන්දර සහ ගැලපෙනම යුගළයක් බව අද මුළු ලෝකයම දන්නවා.
ඡායාරූපය දෙස බලද්දී අපට පෙනෙන්නේ හුදෙක් සිනහවක් විතරක් නෙවෙයි.
ඒ ඇස් දෙකේ තියෙන සැබෑ සතුට සහ දඟකාර පුංචි දියණිය සමඟ ගොඩනගාගෙන තියෙන ඒ ලස්සන ලෝකය මේ හැම විවේචනයකටම දෙන හොඳම පිළිතුරක්. සැබෑ ආදරය දකින්න බැරි අයට මේවා රඟපෑම් වගේ පෙනුණාට, සැබෑ සෙනෙහස හඳුනන ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ගැලපීම ඉහළින්ම දැනෙනවා.
කවුරු මොනවා කිව්වත්, අද සාරංගයි දිනක්ෂියි ඉන්නේ ඒ හැම විවේචනයක්ම වැරදියි කියලා ජීවිතයෙන්ම ඔප්පු කරපු තැනකයි. මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් සතුට පිරි සැබෑ ආදරයම ලැබේවායි අපි ප්රාර්ථනා කරනවා









