'මේ ඉන්නේ ලේඩි ගාගා!!
එයාව අපිට මුනගැහෙන්නෙ අභිසාරි චිත්‍රපටියෙන්. තාම චිත්‍රපටිය ඇවිත් නැති හින්ද එයාව මුනගැහෙන්න තාම පුළුවන්කමක් නෑ. එයා සංක්‍රාන්ති ලිංගිකයෙක්. සුරලොව ස්පා එක කරගෙන යන්නෙ එයා.
අර්ධනාරීශ්වර කියන්නෙ ශිව අර්ධ ස්ත්‍රියක් වශයෙන් නිරූපණය කරන එකට. එතනදි ශිව සහ පාර්වතී එක්කෙනෙක් විදිහට නිරූපණය වෙනවා. ශිව කියන පුරුෂ ශක්තියත්, පාර්වතී කියන ස්ත්රීත්වයත් එකම ශරීරයක පිහිටනවා. ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයන් එකට මුහුවෙනවා. ද්විත්වය අහෝසි වෙනවා.
ශිව කියන්නෙම ද්විකෝටිකය ඉක්මවා පවතින කෙනෙක්. එයා තපස එක්ක ශෘංගාරය මුසු කරනවා. විනාශය එක්ක මෛත්‍රිය මුසු කරනවා. පුරුෂත්වය එක්ක ස්ත්‍රීත්වය මුසු කරනවා.
බොහොමයක් සංක්‍රාන්ති ලිංගිකයන් ආධ්‍යාත්මිකව ශිව ඇදහිල්ලක ඉන්නවා. විශේෂයෙන් හිජ්රා ප්‍රජාව ශිව තමන්ගේ දෙවියන් හැටියට වන්දනාමාන කරනවා.
එතකොට ලේඩිගාගා?? එයාම ඇවිත් එයාගෙ කතාව කියයි. ''
උපුටා ගැනීම චින්තන ධර්මදාසගේ ෆේස්බුක් පිටුවෙන්









