මෙරට නිපදවන ප්රථම සෙමි ඇනිමේෂන් චිත්රපටය ලෙස හැඳින්වෙන පිස්zoo චිත්රපටයේ මුහුරත් උළෙල අද Waters Edge හෝටල් පරිශ්රයේදී පැවැත්වුණා.
මෙම සිනමා නිර්මාණය අධ්යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන වන අතර නිෂ්පාදනයෙන් දායක වන්නේ අශෝක් ජයකොඩි ය. තිරරචනය සුනෙත් මාලිංග ලොකුහේවා විසින් සිදුකර ඇති අතර කැමරා අධ්යක්ෂණය චන්න දේශප්රිය විසින් සිදුකරනවා.
රංගනය සඳහා දර්ශන් තවරාජා, ඉෂංකා ජාන්වී, චතුරංග කොඩිතුවක්කු, ඩිෂ්නි උමාරියෝ, මිලින්ද මඩුගල්ල, සෙනාලි ෆොන්සේකා, ප්රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, ගිහාන් ප්රනාන්දු, කනිෂ්ක අතුකෝරල, කුමාර තිරිමාදුර, ප්රියන්ත සෙනවිරත්න, ජෙනට් ඇන්තනී, සප්නා පාදුක්ක, නිරෝෂා තලගල සහ නයෝමි පෙරේරා ඇතුළු පිරිස එක්වනවා.
හඬකැවීම් ශිල්පීන් ලෙස ලක්මාල් වීරසිරි, හර්ෂිකා රත්නායක, රංග ජයකොඩි, චමල් රත්නායක, ශාන් අරෝෂ සහ නිල්මිණි කෝට්ටේගොඩ දායක වනවා









