කලා ලෝකයේ ආදරණීයම යුවළක් ලෙස හඳුන්වන මාධවී ඇන්තනි සහ කසුන් හීනටිගල පසුගියදා තමන්ගේ දෙවැනි විවාහ සංවත්සරය ආදරෙන් සමරලා තිබුණා.
සමාජ මාධ්‍යයෙන් වගේම රසික හදවත් වලින්ද නොඅඩුව ආදරය ලබන මේ දෙන්නාගේ ලස්සන කැදැල්ල ගැන මේ දවස්වල නැවතත් හැමෝම කතා කරන්න පටන් අරන්.
ඔවුන් විවාහ වුණු මුල් කාලයේදී විවිධ කතා, විවේචන සහ සෘණාත්මක අදහස් සමාජ මාධ්‍ය පුරා පැතිරුණා. “මේ සම්බන්ධය දිගටම යන්නෙ නැහැ” කියලා කියපු අයත් අඩුවක් නැහැ. හැබැයි ඒ හැම වචනයකටම අද ඔවුන්ගේ සතුටින් පිරුණු පවුල් ජීවිතයම හොඳම පිළිතුර වෙලා තියෙනවා.
ආදරය, විශ්වාසය සහ එකිනෙකා තේරුම් ගැනීම කියන ශක්තිමත් පදනම මත ගොඩනැගුණු මේ කැදැල්ල අද වෙද්දී තවත් ලස්සන වෙලා. තමන්ගේ පුංචි පුතණුවන් එක්ක ගෙවන ආදරණීය ජීවිතය දැක්කම තේරෙනවා… සැබෑ ආදරය කියන්නේ කටකතා වලින් කඩන්න බැරි දෙයක් කියලා.
පිටස්තර අය මොනවා කිව්වත්, තමන්ගේ සතුට රැකගෙන නිහඬව ඉස්සරහට යන මේ යුවළ බොහෝ දෙනෙක්ට ආදරණීය ආදර්ශයක් වෙලා තියෙනවා.
මාධවී - කසුන් ආදර කැදැල්ලට ඉදිරියටත් මේ වගේම සතුට, ආදරය සහ වාසනාව පිරුණු ලස්සන දවස් උදාවේවා කියලා හදවතින්ම සුභ පතමු









