එකිනෙකට වෙනස් චරිත ඔස්සේ පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් දක්ෂ නවක රංගන ශිල්පිනියක් වන නයෝමි පෙරේරා මේ වනවිට සිනමා ක්ෂේත්රයටද සාර්ථකව පිවිසෙමින් සිටිනවා.
ඇයගේ සිනමා ගමන ආරම්භ වන්නේ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන “එදා රෑ” සහ “පිස්zoo” යන සිනමා නිර්මාණ හරහායි. එමෙන්ම ශලනි තාරකා කුළුදුලේ අධ්‍යක්ෂණය කළ “ප්‍රේමියේ” සිනමා නිර්මාණය හරහාද නයෝමිගේ රංගන හැකියාව තවත් පැහැදිලිව ප්‍රේක්ෂකයින්ට දැකගැනීමට ලැබෙනවා.
පුංචි තිරයෙන් ආරම්භ වූ ඇයගේ කලා ගමන, සිනමාව තුළින් තවත් විශාල ජයග්‍රහණ කරා යාමට හැකිවේවායි අපි සුබ පතමු
උපුටා ගැනීම face book









