අද රංජන් රාමනායකගෙ ගඩාෆි බලන්න ගියා.
යන්න කලින් සමාජ මාධ්‍යවල විචාර කියවලා 'ගොඩක් උන්ට සෙට් නෑ' වගේ එකක් ඔලුවෙ තියාගෙනම තමයි ගියේ. ඒත් රංජා මාව අංශක එකසිය අසූවක් අනිත් පැත්තට කැරකුවා. වැඩේ මරු. මගේ රසාස්වාදය පහත් පෙලේ හින්දද මන්දා මට නං මරේ මරු.
රංජා මේ ෆිල්ම් එක හදන්න ඉන්ස්පයර් වුනේ 'නෙළුම් කුළුණ' බලලා කියලා කීප තැනක කියලා තිබුනා. රංජාගෙයි නෙළුම් කුළුනෙයි සම්බන්දයක් ගලපගන්න බැරුව මම සමනල් ගැටේ වැටිලයි හිටියෙ. ඒත් රංජා කියපු කතාව හරි. ගඩාෆි වලින් රංජා නෙළුම් කුළුනට පස්සෙ කතාව කියනවා. නෙළුම් කුළුනෙ තියෙන්නෙ අප්පච්චිගෙ කෙලින් වීමෙ ප්‍රස්නෙ. ගඩාෆි එකේ බලන්න පුළුවන් අප්පච්චිගෙ කෙලින් වුනු එකට අලුත් පරම්පරාවෙ කෙල්ලෙක් කරන කෙලිය. රංජා හරියට නගුෂි ඔෂිමා වගේ වැඩක් කරලා කියලත් ඕන නං කියන්න පුළුවන්. (නගුෂි ඔෂිමා ඉන් රංජා ස්ටයිල්)
ඇත්තටම ඒ කෙල්ල මරු. ඇමති එක්ක ෆිල්ම් හෝල් එකේ ඉන්න සීන් එක සීන් එකක් විදිහට වෙනම ආතල් එකක්. සිනමාවෙ චමත්කාරය වෙන්නෙ අපි මීට කලින් දැකලා විඳලා නැති ශ්‍රව්‍ය දෘෂ්‍ය පරිකල්පනයන්ට අපිව ඇතුල් කරන එක. රංජා එක විදිහකට පොලිටිකල් 'folk' වැඩක් සිනමාවෙ කරනවා.
චිත්රපටියෙ මට හොදටම දැනුනු අනිත් චරිතය ධර්මප්‍රිය ඩයස් කරන pimp ගෙ චරිතෙ. ඒක ධර්මප්‍රිය ඉතාම ලස්සනට ක්‍රාෆ්ට් කරනවා. සියුම් තැන් ලකුණු කරනවා.
රංජන් රංජන්ගෙ සංස්කෘතිය බය නැතුව ප්රකාශනයට අරන් ඇවිත් තියෙනවා. පොලිටිකලි කරෙක්ට් නැතුව, කට ඇද උන්ටයි, වෙනස් ලිංගිකයන්ටයි, පිරිමි ගෑනු ඔක්කොමටයි එකට කුණුහරුප කියන්න, අපහාස කරන්න රංජන්ගෙ තියෙන 'ස්වැග් එක' මං හිතන්නෙ අලුත් පරම්පරාවෙ ප්රකාශනවල වඳ වෙලා යන දෙයක්. ඒ හන්දි ගානෙ නටන, දෙපැත්ත කැපෙන කුණුහරුප කියන, පැරණි සිනමා සොමිය රංජන් ආපහු දැවැන්ත විදිහට තිරය උඩට අරන් එනවා.
ධම්මික රත්නායකගේ කැමරාව සුපිරි. ඒ වගේමයි සංස්කරණයත්. සංගීතය හිතාගන්න බැරි තරම් සුපිරි. කොලිටි බඩු කියල බය නැතුව කියන්න පුළුවන්.
මේ චිත්‍රපටිය රස විඳින්න සමහර අයට තේරෙන්නෙ නැතුව ඇති. මේක විඳින්න එක්තරා විදිහකට ඒ 'කල්ට්' දැනීම තියෙන්න ඕන. මේක මට නම් so- bad- its - good- cinema වර්ගයේ වැඩක්. මං හිතන්නෙ චිත්රපටියෙ පෝස්ටර් එකේ ඉඳන්ම ඒ ෆිල්ම් එක ගැන දෙන හැගීම ඒ විදිහටම චිත්රපටියෙ තියෙනවා.
රංජන් ෆිල්ම් එක ඇතුලෙ ලොකු දෙයක් කරන්නෙ නෑ. දෙබස් තියෙන්නෙත් එකයි දෙකයි. එයාගෙ හඩ, සිංදු වගේ ඒවායින් අමුතු රංජාමය 'ප්‍රසන්ස්' එකක් ෆිල්ම් එක පුරාම අරන් යනවා. ලොකුම වැඩ කොටස කරලා තියෙන්නෙ රංජා බව කියන්නෙ එන්ඩ් ටයිට්ල් වලදි.
මේක වෙනම සොමියක්. ඇත්තටම අමුතු සොමියක්. ඒ පරණ දැවැන්ත බයිස්කෝප් රහ, අලුත් හැඩයන් එක්ක ගලපලා රංජා කරලා තියෙන වැඩේට විසිල් පාරක් ගැහුවෙ නැත්තං කුහකයෙක් වෙනවා මං.
රංජා රංජා රංජා...
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්යක්ෂ - facultyofsex
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)











