කලාව උදෙසා විශාල මෙහෙවරක් කළ රංගන ශිල්පියකු, නිෂ්පාදකවරයකු, සම්බන්ධීකාරකවරයකු මෙන්ම මානව හිමිකම් දෙපාර්තමේන්තුවේ හිටපු විධායක අධ්යක්ෂවරයකු ද වන ඔහු දෙස් විදෙස් සංගීත ප්රසංගවල නිවේදකයකු ලෙසද කටයුතු කරයි.
එමෙන්ම සිල්වර් ස්ක්රීන් සංවිධානයේ හිටපු ජාතික සංවිධායක මෙන්ම හර්බට් එම්. සෙනෙවිරත්න සංවිධානයේ ජාතික සංවිධායක ලෙසද කටයුතු කරන ඔහු විශාල වශයෙන් සමාජ සේවා කටයුතුවලද නිරතවන්නේය. ඉන්දික දළුගම නම් මේ කලාකාමී හිතවතා පිළිබඳ නොදන්නා අයකු ක්ෂේත්රය තුළ නැති තරම්ය.
නමුදු මේ දිනවල ඔහු ගැන අසන්නට ලැබෙන්නේ දුක්මුසු පුවතකි. ඒ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ වම් පාදය දණහිසින් ඉවත්කර තිබීමය.
“මම ගොඩක් සමාජ සේවා කටයුතු කරන කෙනෙක්. විශේෂයෙන්ම කලාකරුවන්ගේ සුබ සිද්ධිය, උන්නතිය වෙනුවෙන් තමයි ගොඩක්ම කැප වෙලා වැඩ කළේ.
ඒ වගේම මං‘කෙළිමඬලට හිත – මත් විපතට තිත’ කියලා මගේම සංකල්පයකට රට පුරා දරුවන්ට ක්රීඩා භාණ්ඩ බෙදාදෙන වැඩසටහනක් කරගෙන යනවා. ඒ අතරතුර තමයි මට මේ ඛේදවාචකයට මුහුණ දෙන්න වුණේ. යම් රෝගී තත්වයක් හේතුවෙන් මගේ වම් පාදය දණහිසින් ඉවත් කරලා තියෙන්නේ. මට දැන් තනියම මගේ ඉදිරි සමාජ සේවා වැඩකටයුතු කරගෙන යන්න අපහසුයි. ඒ නිසා ලංකා ද සිල්වා ප්රමුඛ කලාකරුවන්ගේ සහයෝගයන් කෘත්රිම පාදයක් සවිකිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක වෙනවා. ඒ සඳහා පැවැත්වෙන සංගීත ප්රසංගයට ලංකාවේ ජනප්රියම කලාකරුවන් තිස් දෙනකු නොමිලේ දායකත්වය ලබාදෙන්න කැමැත්ත ප්රකාශ කරලා තියෙනවා.
හිතමිතුරන්ගේ දැනගැනීම පිණිස මගේ නව දුරකතන අංකය සඳහන් කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා. දැන් 077 2 113 497 කියන මගේ නව දුරකතන අංකය ඔස්සේ මාව සම්බන්ධ කරගන්න පුළුවන්.
- rasaduna-









