‘සිත නිවන කතා’ ඒකාංගික ටෙලි කතා මාලාව ආරම්භ වෙලා දැනට වසර විසිපහක් වෙනවා.
නිෂ්පාදනය කෙරෙන්නේ ජාතික රූපවාහිනියෙන්. මේ සඳහා පුරෝගාමී වෙන්නේ ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ දයාරත්න රටගෙදර. එකදිගට පෝය දවසට බෞද්ධ කතාවක් විකාශය කරමු කියන අරමුණ පෙරදැරිව ‘සිත නිවන කතා’ ආරම්භ වෙන්නේ ඔහුගේ සංකල්පයකට අනුව. අධ්‍යක්ෂණය කළෙත් ඔහු. එහි ආරම්භක රචකයා විදිහට ටෙලි කතා සියයකට අධික ප්‍රමාණයක් රචනා කළේ ජනප්‍රිය තිර පිටපත් රචක සෝමවීර සේනානායක. පුවත්පත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු සෝමවීර සේනානායකයන් ට නව මාධ්‍ය හසුරුවන්න ලොකු උනන්දුවක් තිබුණා. අද ඔහු ජීවතුන් අතර නැහැ. ඔහුගෙන් පසුව කිහිප දෙනෙක්ම තිර රචනයෙන් දායක වෙලා තියෙනවා.
මේ වෙද්දි සිත නිවන කතා අධ්‍යක්ෂණය කරන්නේ මං. අද වන විට තිර රචනයෙන් ආධුනිකයන්ටත් අවස්ථාවක් ලැබිල තියෙනවා. කතා තේමාවේත් විවිධත්වයක් තියෙනවා. දැනට නාට්‍ය අංශයේ නිෂ්පාදකවරු කිහිපදෙනෙක් ඉන්නවා. මම ජනක සුරංජිත්, නලීන් මාපිටිය, රංග බණ්ඩාරනායක, මාවෝ ලක්ෂිත කරුණාතිලක, විජිත මංජුල සිංහපෘථිවි, සමන් ප්‍රේමරත්න. මේ අය අතරේ නිර්මාණ බෙදා ගෙන මාසයට එක බැගින් සූදානම් කරගන්නවා. අධ්යක්ෂවරයා අනුව නළු නිළියන් වෙනස් වෙනවා.
විකාශය වෙන කතාව අනුව ලැබෙන ප්‍රතිචාරත් වෙනස් වෙනවා. සමහර කතා පොඩි ළමයාගේ සිට වැඩිහිටියන් දක්වා විඳින්න පුළුවන්. සමහර ඒවා තාරුණ්‍යයට ගෝචර වෙන ඒවා. පන්සල් ආශ්රිත කතාවලට බොහෝදුරට කැමැත්තක් දක්වන්නේ වැඩිහිටියන්.
‘සිත නිවන කතා’ මේ වන විට බොහෝ සම්මාන උලෙළවල අගැයීමට ලක්වෙලා තියෙනවා. ඒකාංගික ටෙලි නාට්‍ය අංශයෙන් තරග කර සම්මාන දහයක් දොළහක් විතර දිනාගෙන තියෙනවා. බෞද්ධ කතා විකාශය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවෙන්නෙත් ජාතික රූපවාහිනියට.“
rasaduna



