lan englan tam

පුවත්

ගාලු මුවදොර ඉදිවන ලොව විශාලතම නත්තල් ගස නාස්තිකාර වියදමක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙසැම්බර් උදාවීමත් සමගම ලොව පුරා කිතුනු ජනතාව සූදානම් වන්නේ නත්තල සැමරීමටය. නත්තල ලොකු කුඩා කාගේත් හදවත් සතුටින් පේ‍්‍රමයෙන් හැගම්බර වෙන කාලයයි.ලාංකිකයින්ද මෙවර නත්තල සැමරීමට ලක ලැහැස්ති වන්නේ වසරකට වරක් එලැඹෙන උත්සවකාරී අවස්ථාවක් නිසාය. නත්තල දුගී දුප්පතුන්ට සතුට ගෙන දෙන දවසකි. මන්ද බොහෝ විට නත්තලේ තේමාව වනුයේද දුගී දුප්පතුන්ට පේ‍්‍රමය පූජා කිරීම ආදරයෙන් සැළකීම වැනි අතිශය මානුෂීය වටිනාකම් නිසාය.

මෙවර ලංකාවේ නත්තලට වෙනස් යමක් කරන්න සැළසුම් කර තිබිණි. ඒ ලොව විශාලතම නත්තල් ගස ඉදිකිරීමය. මේ පිළිබඳව බොහෝ සමාජ ක‍්‍රියාකාරීන්ගේ අදහස සහ මතය වූයේ මෙවැනි දේ කිරීම අපරාධයක් බවයි. මේ අදහස තහවුරු කරමින් මැල්කම් රංජිත් දේවගැතිවරයන් පවවසා ඇත්තේ ද ඒ හා සමාන අදහසකි.

 ගාලු මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස නාස්තිකාර වියදමකැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා තිබේ. 

දැන් හෝ එහි වැඩ නවත්වා ඊට වියදම් කරන මුදල් නිවාස නැත්තන්ට නිවාස හදන්නට හෝ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නට යොදවන ලෙසත් අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා සමාජයේ පවුල් ඒකකය වඩා ශක්තිමත් කිරීම සඳහා ජනතාවට උදව් කිරීමට සියලු ආගමික නායකයින්ගේ අනුශාසනා සමග කතෝලික සභාව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ද කී අගරදගුරු ආසියා රදගුරුවරුන්ගේ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත වූ බවත් එහි අදහස් දැක්වීමට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි ඇතුළු ආගමික නායකයන් රැසක් එක්වූ බවත් කීය.

අර්ජුන රණතුංග සමාජ සත්කාරය ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් පවතින ලොව ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් එසේ කාදිනල්තුමන් අදහස් දැක්වූ අතර එය ඉදිකිරීමට කෙතරම් මුදලක් වියදම් කරන්නේ දැයි දැනගන්නට නැත. යකඩ, ඉවතලන පිටත ලී, කුකුළු දැල් හා ෆයිනල් මල් උපයෝගී කරගනිමින් උස අඩි 325කින් යුක්තව එය ඉදිකිරීමට සැලසුම් කැර ඇත. මෙහි ඉදිකිරීම් අගෝස්තු 18 වැනිදා ඇරැඹිණි. දෙසැම්බර් 22 වැනිදා එය නිම කිරීමට නියමිතය. නත්තල් දා සිට දින 10ක් එය ගාලු මුවදොර පිටියේ ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.

නත්තල් ගස ඉදිවෙන අයුරු බලාසිටින ගාලු මුවදොර පිටියේ වෙළෙන්දන්ද පවසන්නේ මෙය වැඩ කට ඇති දෙයක් නොවන බවයි.

මේ ඉදිවෙන නත්තල් ගස නත්තල සංකේතවත් කරමින් විදුලි පහනින් බැබලුනත් අහිංසක කුඩා දරුවන් දෑස් පියා බලා සිටින්නේ උසම උස නත්තල් ගසක් දකින්නට නොවේ.... නත්තල් රාත‍්‍රියේ නත්තල් සීයා තම දුගී නිවස වෙත පැමිණ නැති බැරි තමන්ට හිත සතුටු වන දේ ලබාදේවිය යන ප‍්‍රාර්ථනාවයි.

ජායාරූපය නන්දන

Back to top
Go to bottom

Popular News