lan englan tam

පුවත්

ඈන් රණසිංහ මෙලොවින් සමුගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට සාහිත්‍යය ඉතිහාසයේ ඉතා ජනප්‍රිය කිවිඳියක හා කතුවරියක් ලෙස ලොක ප්‍රකට වූ ඈන් රණසිංහ මහත්මිය මෙලොවින් සමුගෙන ඇතැයි වාර්තා වේ.

මිය යන විට ඇය 91 වියේ පසුවූවාය.

ඇගේ අවසන් කටයුතු දෙසැම්බර් 21 දා ප.ව. 5.00ට බොරැල්ල කනත්තේ දී සිදුකෙරෙනු ඇත.

වසර 1925 දී ජර්මනියේ එසෙන් නුවර යුදෙව් පවුලකට දාව උපන් ඇය, නාසි ජර්මනියෙන් එංගලන්තයට පලා ගියාය.

පසුව, ශ්‍රී ලාංකීය මහාචාර්යවරයකු වූ ඩී.ඒ. රණසිංහ මහතා විවාහ වූ ඇය, 1956 දී ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත්තාය.

ඉංග්‍රීසි බසින් ලියැවුන ඇගේ කාව්‍ය හා කෙටි කතා මේ වන විට භාෂා රැසකටම පරිවර්තනය කර තිබේ.

සිය ජීවන අත්දැකීම් මත පදනම් වූ ඉතා සංවේදී නිර්මාණ වෙනුවෙන් ඈන් රණසිංහ මහත්මිය දේශීය හා ජාත්‍යන්තර සම්මානයන් අතිවිශාල සංඛ්‍යාවකට පාත්‍ර වූ අතර, 1994 දී ඇය ශ්‍රී ලංකාවේ හොඳම කෙටිකථා සංග්‍රහය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද දිනා ගත්තාය.

-ශ්‍රී ලංකා මිරර්-

 

Back to top
Go to bottom

Popular News